මන්නාරම් සමූහ මිණීවල දෙවන වතාවට පුළුල් කිරීමෙන් පසුව සිදු කරන ලද කැනීම් වලදී අද (16) වනවිට සිරුරු 300 ක් හමු වී ඇති බවට කැනීම් භාර නිලධාරී විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ පවසයි.
පසුගිය ජනවාරී 11 වනදා සමූහ මිනිස් වලේ කැනීම් කටයුතු තාවකාලිකව නැවත්වීමෙන් පසුව 130 වන දිනට අද දිනයේදීද සමූහ මිනිස් වලේ කැනීම් කටයුතු නැවත ආරම්භ කොට ඇත.
මේ අනුව හමු වූ සිරුරු 300 න් සිරුරු 294 ක් වෙන් කොට මන්නාරම් අධිකරණයේ විශේෂ කුටියක ආරක්ෂිතව තැන්පත් කොට ඇති අතරද එසේ හමුවූ සිරුරු වලින් ළමුන්ගේ බවට සැකකෙරෙන සිරුරු කොටස් 23ක් වෙන් කොට ඇති බවටද වාර්තා වෙයි.
එසේම වැඩිදුරටත් වාර්තා වන ආකාරයට මන්නාරම් සමූහ මිණීවලේ සිරුරු කොටස් ඇමරිකාවට රැගෙන ගොස් පරීක්ෂා කිරීමේ සූදානමක් ද පවතී.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
