තවත් ජාත්‍යන්තර දර්ශක දෙකක : ලංකාව හොඳම සංචාරක ගමනාන්තය !

තවත් ජාත්‍යන්තර දර්ශක දෙකක : ලංකාව හොඳම සංචාරක ගමනාන්තය !

'ලෝන්ලි ප්ලැනට්' මාර්ගෝපදේශන ප්‍රකාශනයෙන් 2019 වසරේ ලොව හොඳම සංචාරක ගමනාන්තය ලෙස නම් කෙරුණු ශ්‍රී ලංකාව නැවත වරක් තවත් දර්ශක දෙකක ලොව ආකර්ෂණීයම සංචාරක ගමනාන්තය ලෙස ප්‍රකාශයට පත්ව තිබේ.

ඉන් පළමුවැන්න යුනිලෑඩ් සඟරාව 2019 වසරේ සංචාරය කිරීම සඳහා වන ලොව හොඳම ස්ථාන 05 අතර පළමු ස්ථානයට ශ්‍රී ලංකාව නම් කර තිබීමය.

ඔවුන් පෙන්වා දෙන පරිදි මෙරට සංස්කෘතීන් ගණනාවක අත්දැකීම් විඳගන්න වගේම දේශිය ආහාර විවිධත්වය, හොඳම වන ජීවී කලාප දැකගැනීම, ලොව සුපතල වෙරළ තීරයන් සහ පූජනීය ස්ථානවල සංචාරය කිරීම ආදි සංචාරක අපේක්ෂා රැසක් ඉටුකරගැනීමටත් ශ්‍රී ලංකාව අපූරු ස්ථානයකි.

මෙම වර්ගීකරණයේ දෙවන ස්ථානයට ජපානය නම් කරලා තියෙද්දී පේරු රාජ්‍යයට 03 වන ස්ථානය හිමිවෙලා තිබේ.

මේ අතර ලොව මිලියන 1.3 කට වැඩි සංචාරකයන් සංඛ්‍යාවක් ඡායාරූපකරණය සඳහා සමාජ වෙබ් අඩවිවලින් සොයා බලා ඇති සංචාරක ස්ථාන පිලිබඳව සිදුකළ පරීක්ෂණයකින් ශ්‍රි ලංකාවේ කොළඹ නගරය වැඩිම ඉල්ලුම ඇති ස්ථානය බවට පත්ව තිබේ. ඒ අනුව 2019 වර්ෂයේ දී කොළඹ නගරය නම් කර ඇත්තේ 'ඡායාරූප ගත කිරීමේ' ප්‍රමුඛතම සංචාරක ගමනාන්තය ලෙසයි.

එහි සෙසු ස්ථානවලට ජපානයේ යොකෝහමා නගරයත්, උගන්ඩාවේ ගෝරිල්ලා ජාතික උද්‍යානයත් ඇතුළු ස්ථාන 09 ක් තේරී පත්වෙලා තිබේ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න