ඉදිරි ජන්ද සඳහා මහින්ද එන්නේ ශ්‍රීලනිපයෙන් !

ඉදිරි ජන්ද සඳහා මහින්ද එන්නේ ශ්‍රීලනිපයෙන් !

ඉදිරි මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ තරග වැදීමට සූදානම් වන ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට දැන්වීමට එම පක්ෂය කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

එහි අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට බොහෝ දුරට මහින්ද රාජපක්ෂ විසින් එම ආරාධනය පිළිගැනීමට ඉඩ ඇති බවට ශ්‍රීලනිප ප්‍රබලයන්ගේ විශ්වාසය වී තිබේ.

මේ අතර ජනාධිපති සිරිසේනගේ ප්‍රබල හිතවතෙකු වන ඒ නිසාම පසුගියදා ජනාධිපති නීතිඥවරයෙකු ලෙස පත්වීම් ලැබූ සරත් කෝන්ගහගේ ජනාධිපති නීතීඥවරයෙකු ලෙස පත්වීම වෙනුවෙන් පැවති උත්සව අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර ද මේ සම්බන්ධව අදහස් දක්වා ඇත.

එහිදී ඔහු පවසා ඇත්තේ ශ්‍රීලනිප ය යටතේ තරග කිරීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට තමන්ද ආරාධනා කර ඇති බවයි.

ඉදිරි මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා තරගවැදීම කිසිඳු ගැටළුවක් නොමැති බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ පියා සෑදු පක්ෂය නිසා තමන්ද ඊට ආරාධනා කර සිටි බවත් මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න