සේනා දළඹුවාටත් මහින්දගෙන් කුමන්ත්‍රණ න්‍යාය !

සේනා දළඹුවාටත් මහින්දගෙන් කුමන්ත්‍රණ න්‍යාය !

මේ වන විට කෘෂි බිම් තුළ හානි සිදුකරන සේනා දළඹුවා සම්බන්ධව ද කුමන්ත්‍රණ න්‍යාය යොදා ආණ්ඩුවට වරද පැටවීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ කටයුතු කරමින් සිටියි.

ඒ අනුව ඔහු අද (20) පෙරවරුවේ බෙලිඅත්ත ගලගම මැද්දදෙනිය ශ්‍රී ශෛයිලාරාම පුරාණ ලෙන් විහාරයේ ආගමික උත්සවයක් සඳහා සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කර සිටියේ සේනා දළඹුවා සම්බන්ධයෙන් රජය නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම තුළින් මෙය පිටරටින් ආහාර ගෙන්වා ගැනීම සඳහා කෘෂිකර්මය විනාශ කිරීමේ කාගේ හෝ කුමන්ත්‍රණයක්ද යන්න සැක සහිත බවය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන්ද තම පක්ෂය පෙනී සිටින බව සඳහන් කලත් වත්මන් රජය විසින් ගෙන ඒමට බලාපොරොත්තු වන නව ව්‍යවස්ථාව රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ සුමන්තිරන් මහතාගේ අදහසක් වන බවත් සඳහන් කර සිටියේය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න