'අගමැති 2016 දී නීතිපතිට කීදේ ජනාධිපති කිවේ ඊයේ'

'අගමැති 2016 දී නීතිපතිට කීදේ ජනාධිපති කිවේ ඊයේ'

බැඳුම්කර නිකුතුවට වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස අගමැතිවරයා නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ 2016දී බවත් ජනාධිපතිවරයාද එම ඉල්ලීමම ඊයේ කර ඇති බවත් අග්‍රාමාත්‍ය කාර්‍යාලය කියා සිටියි.

නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්‍යාලය කියා සිටින්නේ යහපාලන ජාතික ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී සහ නීතිගරුක පිළිවෙත මෙම ක්‍රියා මාර්ග ඔස්සේ යළිදු තහවුරු කිරීමට හැකිවූ බවයි.

ඉකුත් ආණ්ඩු සමයේ ක්‍රියාත්මක වූ ද්වේෂ සහගත අසත්‍ය අවලාද හා මඩ ගැසීමේ සම්ප්‍රදාය වෙනුවට නීතියේ හස්තයට කිසිදු බලපෑමකින් තොරව ක්‍රියාත්මක වීමට අවකාශ සැලසීම නව රජයේ අභිලාෂය බව ද අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

කොමිසම සඳහන් කළ පරිදි 2008 වසරේ සිට සිදු වූ දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳව නිසි පරීක්ෂණයක් සිදු කොට නීතිමය ක්‍රියාමාර්ග ගැනීම යහපාලන ජාතික ආණ්ඩුවේ අභිප්‍රාය බව එම නිවේදනයේ සඳහන් වේ.

යහපාලන ජාතික ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී සහ නීතිගරුක පිළිවෙත මෙම ක්‍රියාමාර්ග ඔස්සේ යලිත් තහවුරු වී තිබෙන බවත්, බැඳුම්කර නිකුතුව පිළිබඳව ජනාධිපති කොමිසන් සභාවේ වාර්තාව මේ වන විට ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයා වෙත යොමුකර තිබෙන බවත් එම නිවේදනයේ දැක්වේ.

මාස දහයක් මුළුල්ලේ එම විමර්ශන කාර්යයන් කළ බැඳුම්කර කොමිසමට අග්‍රාමාත්‍යවරයා සිය ස්තුතිය පළ කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

සුනිල් හඳුන්නෙත්තිගේ සභාපතිත්වයෙන් කෝප් කමිටුව විසින් බැඳුම්කර නිකුතුව පිළිබඳව සිදු කළ පරීක්ෂණ වාර්තාව 2016 වර්ෂයේ ඔක්තෝබර් 31 වැනිදා අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි නීතිපතිවරයා වෙත යොමු කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න