'රවීට වැදුනු දෙවනි එකත් මිස් ෆයර් එකක්' - විමල් (හඬපටය)

'රවීට වැදුනු දෙවනි එකත් මිස් ෆයර් එකක්' - විමල් (හඬපටය)

බැදුම්කර කොමිසමේ වෙඩික්කරුවෝ දෙවැනි වතාවටත් තමන්ගේ ඉලක්කය වරදවාගෙන ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

බැදුම්කර ගණුදෙනුවට කිසිසේත් සම්බන්ධ නොමැති පුද්ගලයින් මෙලෙස හෙළිදරව් කරන මුවාවෙන් ආණ්ඩුව සිදුකරන්නේ සැබෑ හොරුන් ආරක්ෂා කිරීම බවද හෙතෙම අවධාරණය කරයි.

 හඬපටය මෙන්න

 රවී විතරක් බිල්ලට දීලා !

 මේ අතර බැඳුම්කර වාර්තාව මගින් රවී කරුණානායක මහතා පමණක් චුදිතයකු කර ඊට සම්බන්ධ අනෙකුත් පුද්ගලයින් සඟවා ඇති බවට තවදුරටත් චෝදනා එල්ලවෙමින් තිබේ.

 කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ හා දුෂණ විරෝධී පෙරමුණේ හිටපු උපදේශක රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් නිකුත්කරනු ලැබූ නිවේදනයක ද ඒ සම්බන්ධයෙන් සැකයක් මතුකර ඇත.

'' බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කල ප්‍රකාශයේදී බැදුම්කර වංචාවේ නම කියවුණු එක් දේශපාලනඥයෙකු වන රවී කරුණානායක මහතා පමණක් ප්‍ර‍ති-අනාවරණයක් සිදු කර ඇති අතර එයට සම්බන්ධ ක්‍රියාකාරී දේශපාලනයේ සිටින තවත් බොහෝ අය සගවා ඇති බව පැහැදිලිය.

බැදුම්කර වංචාව එක් දේශපාලනඥයෙකුගේ කාර්යයක් නොව සාමූහික, සැලසුම් සහගත ක්‍රියාවලියකි. එයට තවත් බොහෝ අය සෘජුව හා වක්‍ර‍ව සම්බන්ධව සිටී.'' යයි ඔහු එම නිවේදනයේ සඳහන් කර ඇත.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න