වසර 15 කට පසුව ජපාන විදේශ ඇමතිවරයෙක් ලංකාවේ සංචාරයක

වසර 15 කට පසුව ජපාන විදේශ ඇමතිවරයෙක් ලංකාවේ සංචාරයක

ජපානයේ විදේශ කටයුතු අමාත්‍ය තාරෝ කොනෝ මෙරට නිල සංචාරයක් සඳහා අද (04) පැමිණෙන බව වාර්තා වෙයි.

ජපාන විදේශ අමාත්‍යවරයෙන් ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ වසර 15 කට පසුව වන අතර මෙම සංචාරය තුලදී ඔහු ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ විශේෂ සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට නියමිත බවද වාර්තා වෙයි.

රජයේ ප්‍රකාශකයකු සඳහන් කර සිටියේ දෙරට අතර සුහදත්වය වර්ධනය කර ගනිමින් දේශපාලන, වෙළඳ හා ආයෝජන ආශ්‍රිත වැදගත් කාරණා කිසිපයක් පිළිබඳ මෙම සාකච්ඡා වලදී අවධානය යොමුකිරීමට නියමිතව ඇති බවය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න