අර්ජුන් මහේන්ද්‍රන් රට අත්හැර පනී ?

අර්ජුන් මහේන්ද්‍රන් රට අත්හැර පනී ?

බැඳුම්කර ජනාධිපති කොමිසමේ වාර්තාව නිකුත්වීමත් සමඟ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරට හැරගොස් ඇති බව වාර්තා වෙයි.

ඔහු එලෙස පිටව ගොස් තිබෙන්නේ සිංගප්පුරුව වෙත බවත් එසේ ඔහු ගොස් තිබෙන්නේ තම පුරවැසිභාවය හිමි සිංගප්පූරුව බලා බවත් දැනගන්නට ඇත.

මේ සම්බන්ධව අදහස් පළකරන පාර්ශව සඳහන් කර සිටින ආකාරයට ජනාධිපති කොමිසමේ වාර්තාව අනුව හිටපු මහා බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අවම වශයෙන් පොදු දේපල පනතේ ලා ගනයට අයත් වරදක් හෝ සිදු කොට ඇති බව ජනාධිපති කොමිසමේ වාර්තාවෙන් හෙළිව ඇති බවය.

 එසේම පසුගිය කාලයේදී රාජ්‍ය සේවකයින් වූ අමාත්‍යාංශය ලේකම්වරුන් ඇතුළු නිලධාරින් මෙන්ම දේශපාලඥයන් විශාල පිරිසක් වත්මන් පාලනය යටතේ අත් අඩංගුවට ගෙන රීමාන්ඩ් ගත කෙරුණේ පොදු දේපළ අවභාවිතය පනත යටතේ වන බැවින් එම තර්ජනය නිසා ඔහු රට අත්හැර ගොස් ඇති බව එම පාර්ශව වැඩි දුරටත් සඳහන් කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න