6/2006 වැටුප් චක‍්‍රලේඛනය ගැන තැපෑලෙන් පැමිණිල්ලක් !

6/2006 වැටුප් චක‍්‍රලේඛනය ගැන තැපෑලෙන් පැමිණිල්ලක් !

6/2006 වැටුප් චක‍්‍රලේඛනය වසර 12 ක් සිට තැපැල් සේවකයන් දැඩි පීඩාවට ලක්කරමින් සිටින බව දන්වමින් ජනාධිපති සිරිසේන වෙත දුක්ගැනවිල්ලක් ඉදිරිපත් කරන්නට ලංකා තැපැල් සේවා සංගමය කටයුතු කර ඇත.

එම සංගමය වෙනුවෙන් එහි සභාපති ජගත් මහින්ද විසින් ලිපියක් හරහා මේ බව ජනාධිපතිවරයා දැනුවත් කර තිබේ.

තැපැල් සේවකයින් උද්ඝෝෂණ, පා ගමන්, වැඩ වර්ජන, ආදී කි‍්‍රයාමර්ග හරහා මෙම 6/2006 වැටුප් චක‍්‍රලේඛනයට විරෝධය පලකර ඇති බවත් තැපැල් දෙපාර්තමේන්තුවට පමණක් නොව වෙනත් දෙපාර්තමේන්තු සේවකයින්ටද 6/2006 වැටුප් චක‍්‍රලේඛනය ගැටළුවක් වී ඇති හෙයින් එම දෙපාර්තමේන්තු සේවකයින්ද වෘත්තීය කි‍්‍රයාමාර්ග වලට එළඹ ඇති බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

මෙම හේතුව නිසා ජනාධිපති විසින් නව වැටුප් කොමිෂමක් ස්ථාපිත කර මේ වන විට එහි වාර්තාව ලැබී ඇති බව දැනගන්නට ඇති බවත්
එම වැටුප් කොමිෂමේ වාර්තාවේ, තැපැල් සේවකයින්ට වසර 12 ක සිට මේ දක්වා ගැටළු ලෙස ඇති , උසස්වීම් නොමැති කම, බඳවා ගැනීමේ ගැටළු, වැටුප් තල අහිමිවීම්, යන ගැටළු වලට විසඳුම් අපේක්ෂාවෙන් තමන් සිටින බවත් එම ලිපියේ සඳහන් කර ඇත.

එබැවින් මෙම වාර්තාව කඩිනමින් තැපැල් සේවකයන්ට ලබා දීමට කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටින බවද එහි සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න