අටවන පාර්ලිමේන්තුවේ තුන්වන සැසිවාරය ආරම්භ වීමෙන් පසුව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාරිලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පළමුවරට ඊයේ (23) පාර්ලිමේන්තු සැසිවරායට සහභාගී විය.
2018 වසරේ ඔක්තෝම්බර් 26 දා ආණ්ඩු පෙරළියෙන් පසුව පාර්ලිමේන්තුව කල්තැබු අතර ඉන්පසුව පාර්ලිමේන්තුව සැසිවාරය ආරම්භ කළ දිනයේ සිට ඊයේ දක්වා දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා පාර්ලිමේතු සභාඝර්භයට පැමිණියේ නැත.
ඒ අනුව ඊයේ සභාගර්භයට පැමිණි දුමින්ද දිසානායනක මහතා සභාගර්භයේ තුන්වැනි පෙළියේ 07 වැනි ආසනයේ අසුන් ගත්තේය.
දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා සිය අසුන සොයාගැනීමට සඳහා විපක්ෂයේ අසුන් එකිනෙක පරීක්ෂාකරමින් සිටි අවස්ථාවේදී ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා දුමින්ද දිසානායක මන්ත්‍රීවරයාට කතාකර "දුමින්ද මේ පැත්තෙ සීට් එක" යනුවෙන් පැවසුවේ ආණ්ඩු පක්ෂය දෙස පෙන්වමිනි.

