ශ්රී ලංකා නිදහස් පක්ෂය සඳහා නව දිස්ත්රික් නායකයන් පත්කර ඇත.
ජනාධිපති කාර්යාලයේ දී, ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති සිරිසේනගේ අතින් නව සංවිධායකවරුන් නව පත්වීම් ලිපි ලබා ගෙන ඇති අතර පක්ෂය ප්රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙම නව පත්වීම් ප්රදානය සිදුකර තිබේ.
එසේම ඉදිරි පක්ෂ ප්රතිසංවිධාන කටයුතු පිළිබඳව ද නව සංවිදායකවරුන්ට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවද වාර්තා වෙයි.
ඒ අනුව ශ්රීලනිප නව දිස්ත්රික් නායකයන් මෙසේය.
01- බදුල්ල දිස්ත්රික්කය - නිමල් සිරිපාල ද සිල්වා
2- මහනුවර දිස්ත්රික්කය - එස්.බී. දිසානායක
03- හම්බන්තොට දිස්ත්රික්කය - මහින්ද අමරවීර
04- කළුතර දිස්ත්රික්කය - මහින්ද සමරසිංහ
05- කුරුණෑගල දිස්ත්රික්කය - නීතිඥ දයාසිරි ජයසේකර
06- අනුරාධපුර දිස්ත්රික්කය - දුමින්ද දිසානායක
07- කෑගල්ල දිස්ත්රික්කය - රංජිත් සියඹලාපිටිය
08- ගම්පහ දිස්ත්රික්කය - ලසන්ත අලගියවන්න
09- මාතලේ දිස්ත්රික්කය - නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා
10- කොළඹ දිස්ත්රික්කය - තිලංග සුමතිපාල
11- ගාල්ල දිස්ත්රික්කය - ශාන් විජයලාල් ද සිල්වා
12- මාතර දිස්ත්රික්කය - ඩී. විජය දහනායක
13-අම්පාර දිස්ත්රික්කය - නීතිඥ ශ්රීයානි විෙජ්වික්රම
14-මඩකලපුව දිස්ත්රික්කය - එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා /මඩකලපුව දමිළ නියෝජනය - ගුණරත්නම් හරිදරන්
15-යාපනය /කිළිනොච්චි දිස්ත්රික්ක - අංගජන් රාමනාදන්
16-වන්නි දිස්ත්රික්කය (මන්නාරම, මුලතිව්, වව්නියාව)- කේ. කාදර් මස්තාන්
17-නුවරඑළිය දිස්ත්රික්කය - ඩබ්ලිව්.ජී. රණසිංහ
18- රත්නපුර දිස්ත්රික්කය - අතුල කුමාර රාහුබද්ද
19- ත්රිකුණාමලය දිස්ත්රික්කය - ඩබ්ලිව්.ජී.එම්.එම්. ආරියවතී ගලප්පත්ති

