සුර්ය විදුලිබලය නංවන්න : ඇමති රවී මැදිහත් වෙයි !

සුර්ය විදුලිබලය නංවන්න : ඇමති රවී මැදිහත් වෙයි !

සූර්ය විදුලිබල ක්ෂේත්‍රයට අවශ්‍ය උපකරණ දේශීය වශයෙන් නිපදවීමටත් පුද්ගලික අංශයට සූර්ය විදුලිබල නිෂ්පාදනයට පිවිසීමට අවස්ථා දෙන බවත් විදුලි බල ,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකලේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූර්ය විදුලිබල නිෂ්පාදනයේ වර්තමාන තත්ත්වය පිළිබඳව නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

සුර්ය විදුලිබලය නංවන්න : ඇමති රවී මැදිහත් වෙයි !

“ රාජ්‍ය සහ පුද්ගලික අංශයට අවස්ථාවක් දෙනවා ලංකාව තුළ සූර්ය පැනල නිෂ්පාදනය සහ බැටරි නිෂ්පාදනය කිරීම සිදුකරන්නේ කොහොමද, ඒවා ආනයනය කිරීම නවත්තලා ලංකාවේ දක්ෂ තරුණ තරුණියන්ට තමාගේ දක්ෂතාවන්ට වටිනාකමක් ලබාදෙන්නේ කොහොමද, ස්වභාවික සම්පත් අපනයනය කරන්නේ නැතිව කර්මාන්ත ඇති කරන්නේ කොහොමද කියලා පෙබරවාරි 15 දා වනවිට අපට යෝජනා ලබාදෙන්න කියලා.

ඒ යෝජනා සහ අදහස් මත සූර්ය විදුලිබල නිෂ්පාදනය සම්බන්ධයෙන් රට වෙනුවෙන් සකස් කරන්න අවශ්‍ය ඉදිරි වැඩපිළිවෙල පිළිබදව අපට සාකච්ඡා කරලා තීන්දු තීරණ ගන්න හැකිවේවි

ශ්‍රී ලංකාව තුළ නොමිලයේ ලබාගත හැකි ඉතාම වටිනා සම්පතක් අපි අතේ තිබෙනවා. ඒ තමයි සූර්යබලය. සූර්ය විදුලිබල නිෂ්පාදනය සදහා පුද්ගලික අංශය සහභාගි කරගැනීම තුළින් අපේ පාරිභෝගිකයාට කාර්යක්ෂම සේවයකුත් අවම මිලකට විදුලිය ජනනය කිරීමේ වැඩපිළිවෙලකුත් පිළිබදව අපි සාකච්ඡා කළා" යැයිද එහිදී අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න