තවත් මන්ත්‍රීවරුන් 4ක් ළඟදීම ඇමතිවරුන් වීමේ සූදානමක් !

තවත් මන්ත්‍රීවරුන් 4ක් ළඟදීම ඇමතිවරුන් වීමේ සූදානමක් !

පාලිත රංගේ බණ්ඩාර හා වසන්ත සේනානායකට කැබිනට් නොවන ඇමැති තනතුරුද, ලක්ෂ්මන් විජේමාන්නට හා සිඩ්නි ජයරත්නට නියෝජ්‍ය ඇමැති තනතුරුද ලබා දෙන ලෙසට එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට දන්වා යවා ඇති බව වාර්තා වෙයි.

තනි පක්ෂයක් ආණ්ඩුවක් කරගෙන යන විට රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැති තනතුරු උපරිම 40 ක් දක්වා විය යුතු බවට 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන අතර මේ වන විට කැබිනට් නොවන, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් 31ක් පත්ව තිබේ.

එසේම ඉදිරියේදී සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා සඳහා ද කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාදීම සම්බන්ධව පක්ෂ අභ්‍යන්තරයේ සාකච්ඡාවක් ආරම්භ කර ඇති බවත් ඊට පක්ෂයේ එකඟතාව ලැබී ඇති බවද වාර්තා වෙයි.

කෙසේ වුවත් ඒ සම්බන්ධ දේශපාලන ආරංචිමාර්ග පෙන්වා දෙන්නේ ජනාධිපති සිරිසේනගේ දැඩි විරෝධය හේතුවෙන් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයාට අමාත්‍ය ධුරයක් ලබාදීම දුෂ්කරව ඇති බවය. මේ සම්බන්ධව ජනාධිපති සිරිසේන සමඟ ගැටුම්කාරී තත්ත්වයකට ගියහොත් ආණ්ඩුවේ අනෙක් කටයුතු කරගෙන යාමේ දුෂ්කරතාවක් පැන නගින බැවින් ඉවසීමෙන් යුතුව එම තත්ත්වය විසඳා ගැනීම එක්සත් ජාතික පෙරමුණේ ස්ථාවරය වී ඇති බවද වාර්තා වෙයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න