සිරිසේනට ජනාධිපති අපේක්ෂකත්වය ගන්න : එජාපෙ සමඟ යළිත් සාකච්ඡා ඇරඹේ !

සිරිසේනට ජනාධිපති අපේක්ෂකත්වය ගන්න : එජාපෙ සමඟ යළිත් සාකච්ඡා ඇරඹේ !

ජනාධිපති සිරිසේන නැවතත් එක්සත් ජාතික පෙරමුණේ සහය ඇතිව ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමේ සාකච්ඡා නැවත ආරම්භ වී ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

වාර්තා වන ආකාරයට මෙයට අදාළ මූලික සාකච්ඡාව පසුගිය අඟහරුවාදා රාත්‍රියේ කොළඹ පිහිටි එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයකුගේ නිවසේදී පවත්වා ඇති අතර ඊට ජනාධිපතිවරයාගේ පවුලේ සමීපතම ඥාතියෙකු සහභාගීවී ඇත.

එසේම ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අතර පවතින ගැටලු සමනය කොට තවදුරටත් දෙපක්ෂය එක්ව ජාතික ආණ්ඩුවක් පවත්වාගෙන යාම සඳහාද තිරය පිටුපස ප්‍රබල දේශපාලන සාකච්ඡාවක් ඒ හරහා ආරම්භ වී ඇති බවත් වාර්තා වෙයි.

මෙම සාකච්ඡාවේදී ඉදිරි පළාත් සභා මැතිවරණය ගැන මෙන්ම ජනාධිපතිවරණය හා මහ මැතිවරණය ගැනද සාකච්ඡා වී ඇතැයි දැනගන්නට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න