ආණ්ඩුවේ හොදට සහය දෙන්න මහින්ද හිත හදාගෙන !

ආණ්ඩුවේ හොදට සහය දෙන්න මහින්ද හිත හදාගෙන !

ආණ්ඩුව ගෙනාවත් හොඳ දෙයක් නම් ගේනනෙ අපි ඒකට සහයෝගය දිය යුතු වුවත් ජනතාවට හානි කර දේවල් ගේනව නම් අපි ඒවට ‍කොන්දේසි විරහිතව විරුද්ධ වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පවසයි.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ අම්බලන්තොට වැටිය ගමරාලගම වැටිය වැව ප්‍රතිසංස්කරණය කර විවෘත කිරීමේ උස්ත්සවයට එක්වෙමිනි .

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමරවීර මන්ත්‍රීවරයා ,

''කෘෂිකර්ම අමාත්‍යවරයා විදියට අපි පහුගිය කාලෙ දැවැන්ත වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කළා. මේ අමාත්‍යංශයේ මම හිටියෙ මාස කීපයයි. නමුත් බොහෝ දෙනෙක් කියනවා අවුරුදු ගණනක වැඩ කළා. අවුරුදු ගණනාවකට සැලසුම් හැදුවා කියලා. හෙට මේ අමාත්‍යංශෙ කවුරු ඇමති වුණත් අපි හදපු සැලැස්ම ක්‍රියාත්මක කළොත් මේ රටට අවශ්‍ය ආහාර ටික මේ රටේම හදාගන්න පුළුවන්. මම වැඩ කළ අමාත්‍යංශ සියල්ලේම කිසිම අවස්ථාවක කිසිවෙක් වැඩවර්ජන කළේ නෑ. සියලුදෙනා සමග මම සහයෝගයෙන් කටයුතු කළා.''

''අපි දේශපාලන වශයෙන් චෝදනා කරන්න නෙවෙයි ඕන. සියලු දෙනා එකතු වෙලා වැඩ කරන්න ඕන. අපි අපේ පූර්ණ සහයෝගය අපේ අලුත් ඇමතිතුමාට එම අමාත්‍යංශයට ලබාදෙන්න අපි එකඟතාවය පල කළා. අපිට දේශපාලන මතයෙන් ගිහිල්ලා රට ආපස්සට ගේනන උවමනාවක් නෑ. අපි මෙච්චර කාලයක් කරලා තියෙන්නෙ ඒ වගේ දේවල්. මෙච්චර කාලයක් වෙලා තියෙන්නෙ බලය නැති අය හැමදාම බලය ගන්න මහන්සි වෙනවා. බලය තියෙන අය ඒක දිගටම රඳවා තබාගන්න මහන්සි වෙනවා. ඒ අය ඒ වෙනුවෙන් ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. මේ කවුරුවත් රට ගැන හිතලා වැඩ කරනවා කියලා මට නම් පෙනුනෙ නෑ. දැන් හරි අපිට ඕන වෙලා තියෙනවා රට ගැන හිතලා කටයුතු කරන්න." යැයි ඔහු වැඩිදුරටත් පැවසිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න