ප්‍රාථමික සෞඛ්‍ය සේවා විධිමත් කිරීම පිළිබදව රාජිතගෙන් ජගත් ප්‍රජාවට යෝජනාවක් !

ප්‍රාථමික සෞඛ්‍ය සේවා විධිමත් කිරීම පිළිබදව රාජිතගෙන් ජගත් ප්‍රජාවට යෝජනාවක් !

මුලික ප්‍රාථමික සෞඛ්‍ය සැළසුම් ජනතාවට සමීපවන අයුරින් තවත් විධිමත්ව ක්‍රියාත්මක විය යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 144 වන විධායක මණ්ඩල රැස්වීමේ සමාරම්භක උත්සවය අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය.

ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධාන මුලස්ථානයේ දී විධායක මණ්ඩල රැස්වීම පැවැත්වෙයි. පසුගිය 24 දින ආරම්භ වූ විධායක මණ්ඩල රැස්වීම පෙබරවාරි මස 01 දින අවසන්වීමට නියමිතය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා -

ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවන සංවර්ධනය පිළිබද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉදිරිපත් කළ වාර්තාව අතිවිශිෂ්ටයි. දකුණූ සහ නැගෙනහිර ආසියානු රටවල් වෙනුවෙන් එම වාර්තාව ඉදිරිපත් කිරීම වෙනුවෙන් මම අධ්‍යක්ෂ ජනරාල්වරයාට ස්තූතිය පළ කරනවා. ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පසුගිය දශක කිහිපය තුල සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට හැකි වුනා. බෝවන රෝග මැඩපැවැත්වීමට හැකියාව ලැබීම එහිදී වැදගත් වෙනවා. ඇතැම් රටවල් තවමත් එම ක්‍රියාවලියේ නිරතව සිටිනවා. බෝනොවන රෝග සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභියෝගයක්. ඒ කෙ‍රෙහි අවධානය යෙමු කළ යුතුයි. සමස්ත ලෝකයම මුහුණ දෙන අභියෝගයක් වන බෝනාවන රෝග මැඩපැවැත්වීම සදහා ගෝලීය වශයෙන් ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා. එම ක්‍රියාමාර්ගවලට අදාලව සාර්ථක ප්‍රතිඵල ලැබෙන අතර, තවත් ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. දකුණු සහ නැගෙනහිර ආසියානු කළාපයේ දී විශ්වීය සෞඛ්‍ය ආවරණයට ගැලපෙන අයුරින් බෝනොවන රෝග මැඩපැවැත්වීම සදහා ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. මූලික ප්‍රාථමික සෞඛ්‍ය සැළසුම් ක්‍රියාත්මකවීම තවත් විධිමත් විය යුතුයි. බෝනොවන රෝග සම්බන්ධයෙන් ජනතාවට සමීප වන බිම් මට්ටමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. රෝග වැළැක්වීම සදහා සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිර්මාණාත්මකව ක්‍රියාත්මක විය යුතුයි.

මුලික සෞඛ්‍ය පිළිබදව දකුණු සහ නැගෙනහිර ආසියානු කළාපය තුල ප්‍රතිසංස්කරණ සිදුවෙමින් පවතිනවා. එහිදී ශ්‍රී ලංකාව දෙස බැලීමේ දී සෑම ශ්‍රී ලාංකිකයෙකුටම පවුලේ වෛද්‍යවරයා සංකල්පය හදුන්වාදීම ලැබීම ඉතා වැදගත් වෙනවා. නිදහස් සෞඛ්‍ය සේවාව තුලින් ජනතාවගේ මුදල් පසුම්බියට වාසිදායක තත්ත්වයක් උදා කිරිමට අපට හැකි වුනා. ඖෂධ නිෂ්පාදනය සම්බන්ධයෙන් පෞද්ගලික සහ රාජ්‍ය අංශය සමග ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වනවා. සෞඛ්‍ය ආරක්ෂණ සේවා ලබාදීමටත් එය තවදුරටත් ක්‍රියාත්මක කිරීමටත් බලාපොරොත්තු වෙනවා. දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය ද දියුණූ කරමින් තිරසර සංවර්ධනයකට ගෙනයාමට කටයුතු කරනවා. තව ද මානසික සෞඛ්‍ය නගා සිටුවීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. ගෝලීය ක්‍රියාමාර්ග රැසක් ද ක්‍රියාත්මකයි. එහි සාර්ථකත්වය ලගා කර ගැනීම සදහා තවත් ක්‍රියාමාර්ග ගත යුතු වෙනවා. මානසික සෞඛ්‍ය නගා සිටුවී‍මට අවධානය යොමු කර ඇත්තේ සෞඛ්‍ය සම්පන්න ශරීරයක් නොව, සෞඛ්‍ය සම්පන්න ශරීරය තුල සෞඛ්‍ය සම්පන්න මනසක් හිමිකර දීමයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න