whatsapp හා වයිබර් අවුල් කරන ජෑමර් පුවත අසත්‍යයක් !

whatsapp හා වයිබර් අවුල් කරන ජෑමර් පුවත අසත්‍යයක් !

සති අන්ත පුවත්පතක සදහන්ව තිබූ පුවතක් සම්බන්ධව ශ්‍රී ලංකා පරිවර්තන සමූහය විසින් නිවැරැදි කිරීමක් සිදුකර ඇත.

අදාල පුවත්පතේ සදහන්ව තිබි ඇත්තේ “ වට්සැප් හා වයිබර් අවුල් කරන ජෑමර් එයි” යනුවෙන් ය.

ඒ සම්බන්ධව පරිවර්තන සමූහයේ පැහැදිලි කිරීම මෙසේය.

එම පුවතෙන් සදහන් වී තිබුනේ වට්සැප් හා වයිබර් හා අනෙකුත් සමාජ ජාල යෙදුම් හරහා යවන පණිවිඩ වලට සවන්දිය හැකි හා එම යෙදවුම් වල පණිවිඩ යැවීමේ සේවාව අඩපණ කිරීමේ හැකියාවක් ඇති උපකරණ වත්මන් රජය විසින් නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශය හරහා මිලදී ගැනීමට සැරසෙන බවයි.

මෙම පුවත සදහා ශ්‍රී ලංකා පරිවර්තන සමුහය ලෙස පැවසීමට ඇත්තේ මෙලෙස වට්සැප් වයිබර් ඇතුළු අනෙකුත් සමාජ මාධ්‍ය යෙදවුම් හරහා යවන පණිවිඩ වලට සවන්දිය හැකි උපකරණ ලෝකයේ කොහෙවත් නොමැති බවත් එම පණිවිඩ වලට සවන්දිය හැක්කේ පණිවිඩය ලබන්නාත් සහ එම පණිවිඩ යවන යෙදුම අයත් සමාගමට පමණක් බවය.තවද මෙවැනි පුවත් ඉදිරිපත් කිරීමේදී ඒ පිලිබදව සොයාබලා ඉදිරිපත් කරන ලෙසත් සාවද්‍ය පුවත් ඉදිරිපත් කර සාමාන්‍ය ජනයා අනිසි ලෙස බියගැන්වීමට ලක් නොකරණ ලෙසද සියලුම මාධ්‍යවේදීන්ගෙන් අප පරිවර්තන සමුහයෙන් ඉල්ලා සිටිමු.

යම්හෙයකින් රජය විසින් යම් යම් දුර සිමා පරාසයන්හි දුරකථන තරංග,රේඩියෝ තරංග අවහිර කිරීමට ජෑමර් මිලදී ගැනීමකට සැරසෙන්නේ නම් එය මාධ්‍ය නිදහසට එල්ල කරනා තදබල ප්‍රහාරයක් ලෙසත් මිනිස් මූලික අයිතිවාසිකම් උල්ලංගණය කිරීමක් ලෙසද අප සමුහය දකිමු.මෙම ජෑමර් මගින් සිදුකල හැක්කේ ඒ අවට අවකාශය හරහා ගමන් කරන ඉලෙක්ට්‍රොනික තරංග වලට බාදා පැමනවීම පමණක් බවත් එය වැරදි ලෙස අර්ථකථනය නොකරණ ලෙසත් අප සමූහයක් වශයෙන් ඉල්ලා සිටිමු.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න