අර්ධ සුඛෝපභෝගී බොරු බස් නිසා මගීන් තවමත් කම්බස් !

අර්ධ සුඛෝපභෝගී බොරු බස් නිසා මගීන් තවමත් කම්බස් !

2018 දෙසැම්බර් 31 වැනිදායින් පසුව අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අවසන් කිරීමට ජාතික ගමනාගමන කොමිසම ගත් තීරණය, අත් හිටුවීම සම්බන්ධයෙන් සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය දැඩි විරෝධය දක්වා සිටියි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය මේ බව පෙන්වා දෙයි.

මීට පෙරද සමස්ථ ලංකා බස් මගීන්ගේ සංගමය මේ බව අවස්ථා කිහිපයකදී අවධාරණය කල අතර ඊට අදාලව ඔවුන් ගොනුකළ විවේචනය ජාතික ගමනාගමන කොමිසම විසින් ද පිලිගෙන තිබිණ.

මේ බව දක්වමින් සමස්ථ ලංකා බස් මගීන්ගේ සංගමය සදහන් කරන්නේ විශේෂයෙන් අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව තුල පවතින ගැටලු හේතුවෙන් මගී ජනතාවගේද දැඩි විවේචනයකට ලක්ව තිබෙන අන්තර් පළාත් බස් සේවාවක් ලෙස ක්‍රියාත්මක වන අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා දැමීමට රජය විසින් වහාම කටයුතු කළ යුතු බව ය

එසේම මෙම සේවාවන් වහාම අත්හිටුවීම තුළින් දුර ගමන් සේවා භාවිතා කරන මගී ජනතාවට ඉහල මට්ටමේ ප්‍රවාහන සේවයක් ලබාදීමට කටයුතු කරන ලෙසත් එම සංගමය කොමිසමට දන්වා සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න