සිරිසේන සිංගප්පුරු බලධාරීන්ගෙන් අර්ජුන් මහේන්ද්‍රන්ව ඉල්ලලා !

සිරිසේන සිංගප්පුරු බලධාරීන්ගෙන් අර්ජුන් මහේන්ද්‍රන්ව ඉල්ලලා !

සිංගප්පූරුවේ නිල සංචාරයක යෙදුණු ජනාධිපති සිරිසේන එහිදී හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් එරට අග්‍රාමාත්‍ය ලීසිෙයන් ලූන් ට කරුණු දක්වා ඇතැයි වාර්තා වෙයි.

ඒ සමඟ මහ බැංකු බැඳුම්කර වාර්තාවේ පිටපත් ඇතුලත් ලිපිගොනුවක්ද ජනපතිවරයා සිංගප්පූරු අගමැතිට භාරදී ඇති බවද දැනගන්නට ඇත.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට මේ කටයුතු සිදුව ඇත්තේ ශ්‍රී ලංකා සිංගප්පූරු ගිවිසුම සංශෝධනය සම්බන්ධයෙන් සිංගප්පූරු රජයේ බලධරයන් සමඟ සාකච්ඡා කරන අතර තුරය.

මහ බැංකු බැඳුම්කර සිද්ධියේ නඩු කටයුත්ත හිටපු මහබැංකු අධිපතිවරයා මඟහැර සිටින අතර ආරක්ෂක අංශ සඳහන් කරන්නේ ඔහු දැනට සිංගප්පූරුවේ රැඳී සිටින බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න