අප්‍රේල් 01 දින සිට ඝණ ආහාර සදහා ද වර්ණ සංකේත ක්‍රමයක් - රාජිත

අප්‍රේල් 01 දින සිට ඝණ ආහාර සදහා ද වර්ණ සංකේත ක්‍රමයක් - රාජිත

බෝනොවන රෝග පාලනය කිරිමේ අරමුණින් මෙතෙක් පැණිබීම සදහා පනවා තිබූ වර්ණ සංකේත ක්‍රමය අනෙකුත් ඝණ ආහාර සදහා ද අප්‍රේල් මස 01 දා සිට ක්‍රියාත්මක කිරිමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.

අධික සීනි, ලුණු සහ තෙල් භාවිතා කිරීම හේතුවෙන් බෝනොවන රෝග වලට ජනතාව ගොදුරුවීම දිනෙන් දින වැඩිවෙමින් පවති. ඒ පිළිබදව අවධානය යොමු කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ දියවැඩියා රෝගීන් අවම කිරිම සදහා පැණිබීම වලට වර්ණ සංකේත ක්‍රමයක් ක්‍රියාත්මක කළ යුතු බවයි. එම වර්ණ සංකේත ක්‍රමය 2017 වසරේ සිට ක්‍රියාත්මක විය. එම වර්ණ සංකේත ක්‍රමය නිෂ්පාදනය කරනු ලබන ඝණ ආහාර, අර්ධ ඝණ ආහාර සහ දියර ආහාර සදහා ද ක්‍රියාත්මක කිරීම පිළිබදව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා විශේෂ සාකච්ඡාවක් පැවැත්විනි. 1980 අංක 26 දරණ ආහාර පනතට අනුව නව නියෝගය අප්‍රේල් මස 01 දා සිට ක්‍රියාත්මක කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික හා ආහාර සෞඛ්‍ය පිළිබද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතාට උපදෙස් ලබාදෙන ලදි.

ඝණ ආහාර, අර්ධ ඝණ ආහාර සහ දියර ආහාර වල අධික සීනි, ලුණු සහ මේදය අඩංගු වන්නේ නම් ඒ සදහා වර්ණ සංකේතයක් ආහාර ලේබලයේ ප්‍රධාන රාමුවේ ප්‍රදර්ශණය කළ යුතු වෙයි. එමගින් පැණිබීම මිලදී ගැනීමේ දී වර්ණ සංකේත කෙරෙහි ජනතාව දැක් වූ අවධානය ඝණ ආහාර සහ අර්ධ ඝණ ආහාර මිල දී ගැනීමේ දී ද යොමු කරනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරයා බලාපොරොත්තු වෙයි. මේ පිළිබදව ඝණ ආහාර, අර්ධ ඝණ ආහාර සහ දියර ආහාර නිෂ්පාදනය කරන නිෂ්පාදකයින් ද 2018 වසරේ දී දැනුවත් කර ඇත.

මෙම සාකච්ඡාව සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් ද එක්ව සිටියහ.

49705013 10156425151069130 6216735942850379776 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න