ගොවියා රජ කරවීමේ සැබෑ වැඩපිළිවෙළ ආරම්භ කළේ වත්මන් රජයයි - ඇමති මංගල

ගොවියා රජ කරවීමේ සැබෑ වැඩපිළිවෙළ ආරම්භ කළේ වත්මන් රජයයි - ඇමති මංගල

මඩ සෝදාගත් කළ ගොවියා රජකමටත් සුදුසු යැයි ප්‍රචලිතව තිබුණ ද ගොවියා රජ කරවීමේ සැබෑ වැඩපිළිවෙළ ආරම්භ කළේ වත්මන් රජය බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කරයි.

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය යෝජනා ක්‍රමය යටතේ මෙරට ගොවි ජනතාව පමණක් නොව ක්ෂේත්‍ර රැසක පිරිසක් වෙත ව්‍යවසායකත්වය කරා පිවිසීමේ අවස්ථාව උදාකර දී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. මංගල සමරවීර අමාත්‍යවරයා මේ බව කියා සිටියේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ගොවි සහන ණය යෝජනා ක්‍රමය ආරම්භ කිරීමේ උත්සවයට එක් වෙමිනි.

දඹුල්ල පිරිවෙන වැව භූමියේ දී මෙම උත්සවය ඊයේ (28) පැවැත්විණි.

අමාත්‍යවරයා එහි දී මෙසේ ද පැවැසීය.

ව්‍යවසායකත්ය යනු ශ්‍රී ලාංකිකයන්ට අලුතෙන් කියා දීමට අවශ්‍ය දෙයක් නොවේ. අතීතයේ සිටම ශ්‍රී ලාංකිකයෝ දක්ෂ ව්‍යවසායකයෝ ය. දිවයිනේ විවිධ ප්‍රදේශවල කර ඇති කැණීම්වලින් හමුව ඇති චීන, ඊජිප්තු, පර්සියන් කාසි වර්ග ඊට උදාහරණ දක්වයි. වත්මන් රජය එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කළේ ඒ අතීතය යළිත් ලක් දෙරණ මත යථාර්ථයක් බවට පත් කිරීමේ අරමුණිනි. අද අප මේ අරම්භ කරන්නට වූ ගොවි සහන ණය යෝජනා ක්‍රම මගින් ලක්ෂ 7500 දක්වා විවිධ මට්ටමේ ණය ලබා දෙනු ලබයි. පොලිය සාමාන්‍ය පොලී අනුපාතයෙන් අඩකි. උපාධිධාරීන්ට ණය ලබා දෙනු ලබන්නේ පොලිය අය කිරීමකින් තොරව ය.

2019 වසර ආරම්භ වන්නේ පැවැති එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය යෝජනා ක්‍රමය තවත් පුළුල් කරමිනි. මීට පෙර ක්‍රියාත්මක වූ ණය යෝජනා ක්‍රමවලට අමතරව නව ණය වර්ග කිහිපයක් ම අලුතින් හඳුන්වා දී ඇත.

විදේශගත ශ්‍රී ලාංකිකයන්ට තමන්ගේ ම නිවාසක් සාදා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 100ක උපරිම ණය මුදලක් ලබා දීම එක් නව ණය යෝජනා ක්‍රමයකි. පවතින් පොලී අනුපාතයෙන් 50%ක පොලී අනුපාතිකයක් යටතේ අදාළ ණය මුදල ලබා දෙනු ලබන්නේ ණය ගෙවීම සඳහා වසරක සහන කාලයක් ද සමගිනි.

මීට අමතරව පෞද්ගලික අංශයට සුඛෝපභෝගී බස් රථ ආනයනය සඳහා සේම ත්‍රීරෝද රථවලින් කුඩා මෝටර් රථවලට මාරුවන පිරිසකට සහන ලබා දීම සඳහා ද ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක ය.

අනපේක්ෂිත මොහොතක වූ දේශපාලන අර්බුදය හේතුවෙන් යම් පසුබෑමකට ලක් වුව ද එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යළි ආරම්භ කරමින් වඩාත් කාර්යයක්ෂමව ඉදිරියට රැගෙන යාම දැන් ආරම්භ වී ඇත. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සහ ගැටළු විසඳීම සඳහා ක්‍රියාත්මක කර තිබූ 1925 ගාස්තු රහිත ඍජු දුරකතන අංකය පෙබරවාරි මස 01 දා සිට නැවත ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.

මෙහි දී ගොවි ජනතාව වෙත සංඛේතවත්ව සහන ණය ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි.

මෙම අවස්ථාවට පී. හැරිසන්, ඉරාන් වික්‍රමරත්න, වසන්ත අළුවිහාරේ, රෝහිණී කවිරත්න යන මැති ඇමැතිවරු පිරිසක් එක්ව සිටියහ. භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.ආර්.දේශප්‍රිය ඇතුළු මුදල් අමාත්‍යාංශ නියෝජිත පිරිසක් සහ ගොවි ජනතාව ගොවි ජනතාව විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක් වූහ.

enter1

enter2

enter3

enter4

entrer5

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න