මෙම 2019 වසර මැතිවරණ වසරක් මෙන්ම රටට අලූත් ආණ්ඩුවක් හදන වසරක් බව ජනාධිපති සිරිසේන පවසයි.
ජනාධිපති සිරිසේන මේ බව ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ති‍්‍රක් නව දිසා කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (31) පස්වරුවේ එක්වෙමිනි.
රටට ද්‍රෝහි සියලූ බලවේග පරාජය කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කඩිනමින් ශක්තිමත් කළයුතු බවද ජනපති එහිදී පැවසීය.
රටට ද්‍රෝහි සියලූ බලවේග පරාජය කිරීම වෙනුවෙන් ඉදිරි මාස 03 තුළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් ජනතා බලවේගයක් බවට පත්කිරීමට රටට ආදරය කරන සියලූදෙනා එක්විය යුතු බවද ජනාධිපතිතුමා පවසයි.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙල යටතේ රට පුරා නව දිස්ති‍්‍රක් කාර්යාල ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙන අතර ඒ අනුව කොළඹ දිස්ති‍්‍රක්කයේ ස්ථාපිත කෙරුණු මෙම නව කාර්යාලය නො 65, ආනන්ද රාජකරුණා මාවත, කොළඹ 10 ස්ථානයේ පිහිටුවා තිබේ.
නව කාර්යාල පරිශ‍්‍රය වෙත ගිය ජනාධිපතිතුමා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ති‍්‍රක් නායක තිලංග සුමතිපාල විසින් පිළිගෙන සමරු ඵලකය නිරාවරණය කර කාර්යාලය විවෘත කළ ජනාධිපතිතුමා එහි විශේෂ සමරු සටහනක් ද තැබීය.
අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ අද අප කතා කළයුත්තේ දේශපාලන පක්ෂ හෝ නායකයන් පරාජය කිරිම පිළිබඳව නොව රටට සහ ජනතාවට ද්‍රෝහි බලවේග නිවරැදිව හඳුනාගෙන ඒවා පරාජය කිරීම පිළිබඳව බවයි.
සෑම දේශපාලන පක්ෂයකම රටට ආදරය කරන අවංක පිරිසක් සේම තමන් ගැන පමණක් සිතන රටට ද්‍රෝහි පිරිසක් ද සිටින බව පැවසූ ජනාධිපතිතුමා පිරිසිදු ශක්තිමත් ජනතාවාදී දේශපාලන ගමන්මගක් කරා යන ගමනේ දී ඊට සුදුසු නායකයන් සහ කි‍්‍රයාකාරින් හඳුනාගත යුතු බව ද කියා සිටියේය.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර ද මෙහිදී උත්සව සභාව ඇමතීය.

