මෙරට දීර්ඝතම ටෙලිනාට්‍ය මාලාව වන ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශනය වන “කෝපි කඩේ” නාට්‍යයේ පසුගියදා විකාශය වීමට නිතමිතව තිබූ කාතාන්ගය ජනාධිපති සිරිසේනගේ සෘජු නියෝග පරිදි නතර කර දමා ඇතැයි වාර්තා වේ.
“ග්‍රාමසේවකට පිස්සු” යනුවෙන් එම කතාන්ගය නම් කර තිබී ඇති අතර පිස්සු හැඳුණු ගමේ ග්‍රාමනිළධාරිවරයා කඩුවක්ද රැගෙන මනෝ විකාරයෙන් විවිධ ක්‍රියාකාරකම්වල යෙදෙන අයුරු ඉන් නිරූපනය කර තිබී ඇත.
කෙසේ නමුත් තමන් පළමුවෙන්ම සිදු කළ රජයේ රස්සාව ග්‍රාමනිලධාරී රස්සාව යැයි පුන පුනා කියන ජනාධිපති සිරිසේන ට මෙලෙස කෝපි කඩේ කතාංගයක් විකාශය වීමට නියමිත යැයි දැනගන්නට ලැබී තිබේ. ඒ අනුව ක්‍රියාත්මක වූ සිරිසේන ජනාධිපතිවරයා එම කතාන්ගය විකාශය වීම නවතා වෙනත් නාට්‍යක් විකාශය කිරීමට නියෝග කර ඇත. ඒ අනුව එදින එම කතාව විකාශයවී නොමැත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
