යහපාලනය සඳහා වු එක්සත් ජාතික පෙරමුණු සමගි සන්ධාන ජාතික රජය පිහිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත අද ( 31) යොමුකර ඇති බව වාර්තා වෙයි.
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ හා යහපාලන ප්‍රතිපත්තිවලට එකඟ අනෙකුත් දේශපාලන පක්ෂ කිහිපයක් එකමුතුවෙන් නව සමගි සන්ධාන රජය පිහිටුවන බව පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත යැවු ලිපියේ සඳහන් බවද දැනගන්නට ඇත.
මේ අතර සභානායක, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කරන්නේ රාජපක්ෂ ණය කන්දරාවද ගෙවමින් ජනතාවට උපරිම සහන දීමට සහ රටේ ප්‍රජාතන්ද්‍රවාදය තහවුරු කිරීමට කැමැත්ත පළ කරන සියළු පක්ෂවලට සමගි සන්ධාන ජාතික රජයට එක් විය හැකි බවය.
යහපාලනය සඳහා වු එක්සත් ජාතික පෙරමුණේ සමඟි සන්ධාන ජාතික රජයට සම්බන්ධ වන පක්ෂ මොනවාදැයි ජාතික රජය පිහිටුවීමේ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමේදී ඔප්පු කරන්නේ යැයිද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

