තමන්ට පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පර්පචුවෙල් ට්‍රෙෂරීස්ස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස් මහතා විසින් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් ලබන 05 වනදා අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.
ඇලෝසියස් මහතා විසින් ඉදිරිපත් කළ මෝසමක් අද(31) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී ඇලෝසියස් මහතාගේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ සේවාදායකයාට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා මේ මස 14 වනදා සිට මාස දෙකක කාල සීමාවක් සඳහා ඉන්දියාව සහ සිංගප්පූරුව යන රටවල යාමට අවශ්‍යව ඇති බවයි.
ඒ සඳහා ඔහුට දැනට පනවා තිබෙන විදේශ ගමන් තහනම අදාල කාල සීමාව සඳහා තාවකාලිකව ලිහිල් කරන මෙන් ද නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
මෙහිදී ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය සඳහන් කර සිටියේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් රහස් පොලීසියෙන් ද කරුණු විමසිය යුතු බවයි.

