මීළඟ ජනාධිපතිවරණයේ අපේක්‍ෂකත්වය වෙනත් කිසිවෙකුට ලබා නොදෙන බවත් වත්මන් ජනාධිපති සිරිසේන මහතාම ජනාධිපති අපේක්‍ෂකයා ලෙස තරග කරන බවත් ශ‍්‍රීලනිප ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක පවසයි.
අනුරාධපුර කලාවැව ප‍්‍රදේශයේදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
ජනාධිපතිවරණයෙන් ජයගෙන 2025 වන තුරු රටේ ජනාධිපතිවරයා ලෙස සිරිසේන මහතා කටයුතු කරනු ඇතැයිද දිසානායක මන්ත්‍රීවරයා පවසයි.
එසේම පිරිසක් ඇමරිකානු පුරවැසියකු මෙරට ජනාධිපති කරන්නට දරන උත්සාහය දෙස උපහාසයෙන් බලා සිටින බවද ඔහු සදහන් කලේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
