පළාත් සභා ක‍්‍රමයේ අඩුපාඩු, සාර්ථක අසාර්ථකභාවයන් හඳුනාගනිමින් ශක්තිමත් පළාත් සභාවක් ගොඩනැගීමට එහි ආරම්යේ සිට මේ දක්වා කටයුතු පිළිබඳ අධ්‍යයනයක් සිදු කළයුතුව ඇතැයි ජනාධිපති සිරිසේන පවසයි.
මේ පිළිබඳ තමා අමාත්‍යවරයෙක් ලෙස අවස්ථා දෙකකදී ම යෝජනා ඉදිරිපත් කළ බව සිහිපත් කළ ජනාධිපතිතුමා, ජනාධිපතිවරයා ලෙස 2015 වසරේ ද ඒ සඳහා අදාළ අංශවලට උපදෙස් ලබාදුන් නමුත් මෙතෙක් කිසිවෙක් ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නැංවීමට කටයුතු කර නොමැති බව ද සඳහන් කරයි.
ජනාධිපති සිරිසේන මේ බව ප‍්‍රකාශ කළේ මුදල් කොමිෂන් සභාවේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (01) එක් වෙමිනි.
ශක්තිමත් පළාත් සභාවක් ගොඩනැගීමට මෙවන් වාර්තාවක් කඩිනමින් සම්පාදනය කිරීම අත්‍යාවශ්‍ය බව ද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේ ය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා සඳහන් කළේ වංචාව, දුෂණය සහ අක‍්‍රමිකතාව පිටුදැකීමේ අරමුණු සාර්ථක කර ගැනිමට නම් රට තුළ මූල්‍ය කළමනාකරණය සහ මූල්‍ය විනය ඇතිකිරීම අත්‍යාවශ්‍ය බවයි. මූල්‍ය විනය කඩකරන්නන්ට එරෙහි ව තරාතිරමකින් තොරව නීතිය කි‍්‍රයාත්මක විය යුතු බව ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.
වාර්ෂික ව අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ සංස්ථා වෙත යොමු කරන විගණකාධිපති වාර්තාවේ නිර්දේශ එම ආයතන තුළ කි‍්‍රයාත්මක නොවීම ගැටලූවක් බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.
එබැවින් විගණකාධිපති වාර්තාවේ නිර්දේශ සහ යෝජනා අනිවාර්යයෙන් ම අමාත්‍යවරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් විසින් කි‍්‍රයාවට නැංවිය යුතු බවටත්, එසේ කි‍්‍රයාත්මක නොකරන අයට එරෙහිව ද`ඩුවම් ලබාදීම පිළිබඳව නීති පාර්ලිමේන්තුව හරහා සම්පාදනය කළ යුතු බවටත් ජනාධිපතිතුමා මෙහිදී කථානායකවරයාවෙත යෝජනා කළේය.
එමෙන් ම ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේ අද රාජ්‍ය ආයතන විශාල වශයෙන් පාඩු ලැබීමට සහ කඩා වැටීම්වලට ලක්වීමට හේතු වී ඇත්තේ එම ආයතනවල බඳවාගැනීමේ පටිපාටිය සහ නීති රීති කඩකරමින් සිදුකරන අවිධිමත් බඳවාගැනීම් බවයි. ඊට එරෙහිව මෙතෙක් නිතිය කි‍්‍රයාත්මකවීමක් ද සිදු වී නොමැති අතර ඇතැම් අමාත්‍යවරුන් විසින් සිදුකරන එම අත්තෝමතික බඳවා ගැනීම් මඟින් මේ රටේ ජාතික ධනය විශාල වශයෙන් විනාශ වී යන බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.
ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වන සංශෝධනය යටතේ මුදල් කොමිෂන් සභාව 1987 වර්ෂයේ දී ස්ථාපිත කරන ලදී. 1988 දී ආරම්භ වී වසර තිහක වැනි කාලසීමාවක් තුළ මුදල් කොමිෂන් සභාවේ කාර්යාලය විවිධ ස්ථානවලට මාරු වීම හමුවේ ආයතනයේ කි‍්‍රයාකාරිත්වයට මෙන් ම ආයතනයේ කාර්යමණ්ඩලයට ද නොයෙකුත් ගැටලූකාරී තත්ත්වයන්ට මුහුණ පෑමට සිදු විය. මෙම දුෂ්කරතා හඳුනා ගනිමින් 2016 වසරේ දී මුදල් කොමිෂන් සභාව සඳහා නව ගොඩනැගිල්ලක ඉදිකිරීම් ආරම්භ කෙරුණු අතර, ඉන් පසුව වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ රාජගිරිය, සරණමාවත අංක 03 දරණ ස්ථානයේ මෙම නව සය මහල් ගොඩනැගිල්ල ඉදිකර අවසන් කෙරිණි.
සමරු ඵලකය නිරාවරණය කර නව ගොඩනැගිල්ල විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය. කථානායක කරූ ජයසුරිය ද පළාත් ආණ්ඩුකාරවරුන් ද, කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරන් ද මුදල් කොමිෂන් සභාවේ සභාපති යූ.එච්. පලිහක්කාර මහතා ඇතු`ථ කොමිසමේ සමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

