පළාත් සභා මැතිවරණය ප්‍රමාද වූ හේතුව තලතා කියයි !

පළාත් සභා මැතිවරණය ප්‍රමාද වූ හේතුව තලතා කියයි !

පලාත් පාලන මැතිවරණය මෙන් පළාත් සභා ඡන්දය කල් ගියෙත් ඡන්ද ක්‍රමය වෙනස් කළ නිසා බවත් තම ආණ්ඩුව හැකි ඉක්මනින් මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවත් අධිකරණ  හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ පවසයි.

මරණ දඩුවම නියම වු අයගේ  නම් ලැයිස්තුව නියමිත ආකාරයට ලබාදී ඇති බවද අමාත්‍යවරිය සඳහන් කර සිටියි.

ඇය මේ බව සඳහන් කර සිටියේ පසුගියදා වැලිමඩ නව අධිකරණ සංකීර්ණයට මුල්ගල තැබීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

ප්‍රශ්නය -මරණ දඩුවම නියම වු අයගේ නම් ලැයිස්තුව යවලාද තියෙන්නේ ?

පිළිතුර -මරණ දඩුවම පිලිබඳව නම් ලැයිස්තුව යැවීමේ වගකීම අපි භාර දෙන්නේ නීතිපති දෙපාර්තුමේන්තුවට .බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ලැයිස්තුව ගෙන්න ගත්තා 48 ක් ඉන්නවා .48 න් 30 දෙනෙක් අභියාචනා කරලා තියෙනවා.ඒ ඉතුරු 18 දෙනාගේ තියෙන සියලුම කරුණු කාරණා පිළිබදව හොයලා බලලා .ඒ අය අනිවාර්යෙන්ම එල්ලලා මරන්න සුදුසුද කියලා බලලා ඒ වාර්තා අනුව තමයි සිද්ධ වෙන්නේ ඒ වාර්තා යවලා ඉවරයි.

ප්‍රශ්නය -පලාත් සභා මැතිවරණය කල් දමනවා කියලා ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා ?

පිළිතුර -සාමාන්‍යයෙන් අපි ඒකාබද්ධ විපක්ෂයේ චෝදනාවලට උත්තර දෙන්නේ නැහැ .ඡන්දය පවත්වන වෙලාවට පවත්වයි.පළාත් පාලන මැතිවරණය කල් ගියේ පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කරපු නිසයි .ඉතිං මේකටත් ඒ ක්‍රමයම තමයි.ඒ අනුව ඉක්මනින් මැතිවරණය තියන්න කටයුතු කරනවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න