ඒකාබද්ධය වෙනම ගමනක !

ඒකාබද්ධය වෙනම ගමනක !

ඒකාබද්ධ විපක්ෂය ලෙස කටයුතු කළ මන්ත්‍රිවරුන් (පොහොට්ටු පාර්ශවය) කණ්ඩායම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් නැවතත් වෙනමම රැස්වී දේශපාලන කටයුතුවල නිරතවීමට තීරණය කර ඇති බව මව්බිම පුවත්පත වාර්තා කරයි.

එම පුවතට අනුව එම මන්ත්‍රි කණ්ඩායම සෑම අඟහරුවාදා දිනකම කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායකවරයාගේ නිල නිවෙසේදී හමුවී දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට තීරණය කර තිබේ.

එසේම එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

ඒකාබද්ධ විපක්ෂයේ මෙම දේශපාලන සාකච්ඡා සඳහා ජාතික ආණ්ඩුවෙන් ප්‍රථමයෙන් ඉවත් වූ ශ්‍රීලනිපයේ 15 කණ්ඩායමේ මන්ත්‍රිවරුන් සහභාගිවීමට තීරණය කර ඇති බවද දැනගන්නට ඇත.

එසේ වෙනම සාකච්ඡා පැවැත්වුවද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමට ඔවුන් සහභාගිවීමටද තීරණය කර ඇතැයිද වාර්තා වේ.

පසුගිය මහ මැතිවරණයෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව ජාතික රජයක් පිහිටුවූ අතර ශ්‍රීලනිපයේ මන්ත්‍රිවරුන් 54 දෙනකු එයට හවුල් නොවී හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ඒකාබද්ධ විපක්ෂය ලෙස කටයුතු කළද පසුගිය වසරේ ඔක්තෝබර් මස 26 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්වීමත් සමඟ ඒකාබද්ධ විපක්ෂය ලෙස වෙනම රැස්වී දේශපාලන කටයුතුවල නිරතවීම නතර කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න