ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යෝජනා කරන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍යය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක අනුරාධපුරයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රථිසංවිධාන වැඩසටහනේ සමාරම්භක රැස්වීමේදි කළ යෝජනාවට අනුරාධපුර දිස්ත්‍රික් බළ මණ්ඩලය නියෝජිතයින් හා දිස්ත්‍රික් සංවිධාන නියෝජිතයින් සියලු දෙනා අනුමත කරනු ලැබ තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රථිසංවිධාන වැඩසටහනේ සමාරම්භක රැස්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.
එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරුන් අදහස් දැක්වීම සිදු කළ අතර, අනතුරුව මහ ලේකම් දයාසිරි ජයසේකර පක්ෂ ප්‍රථිසංවිධාන වැඩපිළිවෙල සම්බන්ධයෙන් දැනුවත් කළ අතර එය මාධ්‍යයට ආවරණය කිරීමට අවස්ථාව ලබා නොදුන්නේය.
අනතුරුව , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක සභාව අමතමින් කියා සිටියේ,
අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියළු ආසන සංවිධායකුතමන්ලා කොට්ඨාශ මන්ත්‍රීතුමන්ලා අපේක්ෂකතුමන්ලා හා ආසන බළ මණ්ඩල සියල්ලම පක්ෂය විසින් ඉදිරිපත් කළ ප්‍රථිසංවිධාන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරිමට පොරොන්දු වෙනවා.ඒ වගේම මෙතැනට පැමිණිලා තිබෙන සියළු දිස්ත්‍රික් සංවිධාන වලින් කරන්න කැමතියි අපි ජනාධිපති මැතිවරණය, පළාත් සභා මැතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය ගැන කථා බහ කරනවා.දැන් බොහෝ විට තදින් කථා කරන මැතිවරණයක් තමයි ජනාධිපති මැතිවරණය, ඒ නිසා අපි අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් බල මණ්ඩලය විදිහට අපි විශේෂ යෝජනාවක් ගේනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා විදිහට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා යෝජනා කරනවා යනුවෙනි..
අනතුරුව, හිටපු අමාත්‍යය තිස්ස කරල්ලියද්ද , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා සිදු කළ යෝජනාව තමන් ස්ථිර කරන බව පැවසීය.
අනතුරුව පැමින සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සියලු අනුරාධපුර දිස්ත්‍රික් බල මණ්ඩල නියෝජිතයින් හා දිස්ත්‍රික් සංවිධාන නියෝජිතයින් අත ඔසවා එම යෝජනාවට සිය අනුමත කරන බව ප්‍රකාශ කර ඇත.

