අත වඳ වෙන ලකුණු : ශ්‍රීලනිප - පොහොට්ටු නව සන්ධානයේ තනතුරු මෙන්න

අත වඳ වෙන ලකුණු  :  ශ්‍රීලනිප - පොහොට්ටු නව සන්ධානයේ තනතුරු මෙන්න

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය, ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්‍ෂ ගණනාවක එකමුතුවෙන් ඇතිකර ගන්නට යන බව කියන  පුළුල් සන්ධානයේ තනතුරු බෙදීයාම පිළිබඳ දේශපාලන ආරංචිමාර්ග වාර්තා කරයි.

ඒ අනුව එම නව සන්ධානයේ නාමික නායකත්වය හැර වෙනත් කිසිඳු ප්‍රධාන තනතුරක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි නොවන අතර සන්ධානයේ සභාපති ධුරය ඇතුළු ප්‍රබල ප්‍රධාන තනතුරු සියල්ල සඳහා යෝජනා වී ඇත්තේ පොදුජන පෙරමුණ ය.

ඒ අනුව නව සන්ධානයේ නායකත්වය - ජනාධිපති සිරිසේන, සභාපති - විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, මහ ලේකම් - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, නව සන්ධානයේ විධායක සභාවේ බහුතර සාමාජිකත්වය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා දී ඉතිරි කොටස මන්ත‍්‍රී නියෝජනය, ඡන්ද පදනම අනුව සාමාජික ගණන ගණණය කරමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු පක්‍ෂ වලට ලබා දීමටද තීරණය වී ඇත.

කෙසේ වුවත් පොදුජන් පෙරමුණ පාර්ශවයේ බලවත් ඉල්ලීමක් වී ඇත්තේ නව සන්ධානය සඳහා නායක තනතුරු දෙකක් ලබාදීමට ය. ඒ අනුව ඔවුන්ගේ ස්ථාවරය වී ඇත්තේ මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන සම නායකයන් ලෙස හැඳින්විය යුතු බවය.

එසේම යෝජිත නව සන්ධානයේ ව්‍යවස්ථාව කඩිනමින් සකස් කරන්නැයි විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ දැනටමත් උපදෙස් දී ඇති අතර ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ඇතුළු කමිටුවක් විසින් එය සකසමින් සිටින බවද දැනගන්නට ඇත.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න