වතුකම්කරුවකුගේ දෛනික දීමනාව රුපියල් 855 ක් ලෙස ප්‍රකාශයට පත්කරමින් අත්සන් කළ සාමුහික ගිවිසුම රජයේ ගැසට් පත්‍රයේ පළකිරිම අත්හිටුවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පොරොන්දු වූ බව දමිළ ප්‍රගතශීලි සන්ධානයේ නායකයන් පවසයි.
වතුකම්කරුවකුට දිනකට රුපියල් 1000 ක් ලබාදිය යුතු බවත් රුපියල් 855 පිළිගත නොහැකි බවත් ප්‍රකාශ කරමින් දමිළ සන්ධානයේ අමාත්‍යවරුන් වන මනෝ ගනේෂන් පී.දිගම්බරන් හා රාධා ක්‍රිෂ්ණන් යන මහත්වරුන් ඊයේ (01) අග්‍රමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් පවාත්වා ඇත.
එම සාකච්ඡාවේ දී ගැසට් නිවේදනය නිකුත් කිරිම අත්හිටුවීමට තීන්දු කළ බව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පී. දිගම්බරන් පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
