මෛත්‍රීට දිනන්න බෑ - අපේක්ෂකත්වය දෙනවාද තීරණයක් නෑ - මහින්ද මෛත්‍රීට පණිවුඩයක් යවලා !

මෛත්‍රීට දිනන්න බෑ - අපේක්ෂකත්වය දෙනවාද තීරණයක් නෑ - මහින්ද මෛත්‍රීට පණිවුඩයක් යවලා !

ජනාධිපති සිරිසේනට නැවත වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත්වී ජයග්‍රහණය කළ නොහැකි බවත් ඔහුට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම පිළිබද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තීරණයක් නොමැති බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පණිවුඩ දෙකකින් දැනුම්දී ඇති බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල හරහා එක් පණිවුඩයක් යවා ඇති අතර නිමල් සිරිපාල ද සිල්වා මන්ත්‍රීවරයා අත තවත් පණිවුඩයක් යවමින් මේ බව සදහන් කර ඇත.

පසුගියදා පැවති රෝහිත රාජපක්ෂගේ විවාහ මංගල උත්සවයට සහභාගීවූ නිමල් සිරිපාල ද සිල්වා රහසිගතව මේ පිළිබද මහින්ද රාජපක්ෂ සමග සාකච්ඡා කර තිබේ. විවාහ උත්සවය අතරවාරයදෙී කාල්ටන් නිවසේ කාමරයකට වී ඔහු මේ පිළිබද සාකච්ඡා කර තිබෙන අතර එහිදී ඉදිරියේදී සිදුව්නනේ කුමක්දැයි නිමල් සිරිපාල විමසා ඇත. තමන්ගේ දේශපාලන අනාගතය සම්බන්ධයෙන් තීන්දුවක් ගත යුතු බවද ඔහු පවසා ඇත.

මෙය පොහොට්ටුව තුළ විසදාගත යුතු ප්‍රශ්ණයක් බවත් පොහොට්ටුවේ බොහෝ දෙනෙක් මෛත්‍රීපාල සිරිසේනට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමට විරුද්ධ බවත් මහින්ද රාජපක්ෂ පැහැදිළිව සදහන් කර ඇත. ජනාධිපති අපෙක්ෂකත්වය මෛත්‍රීපාල සිරිසේනට ලබාදීමට තමන් කිසිදු අවස්ථාවක පොරොන්දුවී නැති බව මෙහිදී මහින්ද රාජපක්ෂ පවසා ඇතැයිද දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.

මෙම පණිවුඩය ජනාධිපතිවරයා වෙත ලබාදෙන්නැයිද මහින්ද රාජපක්ෂ නිමල් සිරිපාල ද සිල්වාගෙන් ඉල්ලීමක් කර තිබේ.

මීට පෙර මෛතීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් අනුව තිලංග සුමතිපාලද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හමුවී තිබුණේය. එහිදීද මහින්ද රාජපක්ෂ මේ බව පැහැදිළිව සදහන් කර තිබෙන බවද දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න