රුපියලේ දසාව යහපත් !

රුපියලේ දසාව යහපත් !

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබූ ශ්‍රී ලංකා රුපියල මේ වන විට තරමක ශක්තිමත් වීමක් පෙන්නුම් කිරීම ආර්ථිකය සම්බන්ධව යහපත් අපේක්ෂා මතුකරන්නක් බව මූල්‍ය වෙළඳපොල විශ්ලේෂකයන් සඳහන් කරයි.

ඔවුන් පෙන්වාදෙන ආකාරයට අද (02) වන විට ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරක ගැනුම් මිල රුපියල් 176.34 ලෙස දක්වා ඇත. විකුණුම් මිල රුපියල් 180.19ක් ලෙස දැක්වේ.

එසේම පසුගිය ජනවාරි මස අවසානයේ එනම් 31දා ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරක ගැනුම් මිල රුපියල් 177.41 ලෙස දැක්වා තිබුණු අතර විකුණුම් මිල රුපියල් 181.28ක් ලෙස දක්වා තිබී ඇත.

කෙසේ වුවත් ඊට පෙර ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල පැවතියේ රුපියල් 183 හා 184 යන අගයන්වල ය. තවද දින 51 දේශපාලන කුමන්ත්‍රණය හමුවේ ආර්ථිකයේ සිදුවූ කඩාවැටීම මේ ආකාරයට රුපියල අවප්‍රමාණය වීමට බලපෑ බවත් ඔවුන් සඳහන් කරයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න