ත්‍රීපෝෂවලට වස පුවතේ : සෝයා බෝංචි තොගය රාජසන්තකයි !

ත්‍රීපෝෂවලට වස පුවතේ : සෝයා බෝංචි තොගය රාජසන්තකයි !

'ඇමති ගෝලයන්ගෙන් ත්‍රිපෝෂ වලට වස' ශීර්ෂය යටතේ 'ලංකා' පුවත්පත සහ ප්‍රවෘත්ති වෙබ් අඩවි වල පළවූ පුවතට අදාළ සෝයාබෝංචි තොගය රාජසන්තක කර තිබේ.

ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් මේ සෝයාබෝංචි තොගය නීතිවිරෝධී ලෙස නිදහස් කර ගැනීමට රේගුවට බලපෑම් කළද, ලංකා පුවත්පත සහ ප්‍රවෘත්ති වෙබ් අඩවි රැසක මැදිහත් වීමෙන් ඔවුන්ගේ උත්සාහය ව්‍යර්ථ විය.

ජාතික ශාක නිරෝධායන ආයතනයේ නිල මුද්‍රා ව්‍යාජ ලෙස භාවිත කරමින් මෙම සමාගම වසර තුනක් තිස්සේ ජාවාරම සිදු කර ඇත. ත්‍රිපෝෂ නිශ්පාදනයට භාවිතා කිරීම සදහා ප්‍රමිතියෙන් තොර සෝයා බෝංචි ගෙන්වන ලද එස්බීඑම් ට්‍රේඩින් නම් මෙම පුද්ගලික සමාගම මාධ්‍ය මගින් දිගින් දිගටම කළ අනාවරණ නිසා වරද පිළිගෙන තිබේ.

විමර්ශන අංශ අනාවරණය කරගෙන ඇති ආකාරයට රාජසන්තක කරන ලද ප්‍රමිතියෙන් තොර සෝයාබෝංචි කිලෝ ලක්ෂ 300 ට අමතරව මීට පෙර මේ සමාගම මෙසේ නීතිවිරෝධී ලෙස සෝයාබෝංචි කිලෝ ලක්ෂ 2700 ක් රේගුවෙන් පිටකරගෙන තිබේ. මෙම සමාගමට ශාක නිරෝධායන බලපත්‍ර ඇතුළු කිසිදු අවසර පත්‍රයක් නැති බවත්, ඔවුන් ව්‍යාජ මුද්‍රා යොදාගනිමින් මේ ජාවාරම සිදු කර ඇති බවත් සදහන් කරන රේගුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග, වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් ඇතැම් ඉහළ නිලධාරීන්ගේද සහාය ලැබී ඇති බවට සැක කරන බවයි.

මේ අතර රේගුවෙන් පිටකර ඇති අදාළ සෝයාබෝංචි කිලෝ ලක්ෂ 2700 ම ත්‍රීපෝෂ නිශ්පාදනයට යොදාගෙන ඇත්ද පිළිබදව වෙනම විමර්ශනයක් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවද රේගුවේ ඉහළ නිලධාරියෙක් පැවසීය.

2015 වසරේ සිට මේ ජාවාරම කිරීමේදී අදාළ සමාගම බදු වංචා රැසක් සිදු කර ඇති බවටද රේගුව තොරතුරු අනාවරණය කරගෙන තිබේ. එසේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් තහවුරු කර සිටියේ මේ සමාගම කිසිදු අවස්ථාවක සෝයාබෝංචි ආනයනය කිරීමට අවසර ගෙන නැති බවයි.

 ශාලික විමලසේන

සබැදි පුවත්

ත්‍රීපෝෂ නිෂ්පාදනයට බඩඉරිඟු ආනයනය කරන කතාව බොරුවක් !

ත්‍රිපෝෂවලට වස ගෙන්වූ සමාගම වරද පිළිගනී !

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න