විජේවීර සහෝදරයාගේ පුතා නොව තම දියනිය ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය කිරීමට එක්වූවත් පක්ෂයේ සංවිධාන ක්‍රියාවලිය ට අනුව මිස එයින් පරිභාහිරව සම්බන්ධ විය නොහැකි බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත පවසයි.
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව සදහන් කර සිටියේ රෝහණ විජේවීරගේ පුතා වන උවිදු විජේවීර දේශපාලනයට පැමිණීමේ සූදානමක් සම්බන්ධව ප්‍රේක්ෂකයකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්ය.
තම පක්ෂය රෝහණ විජේවීර සහෝදරයා ගොඩනගා ඇත්තේ පවුල් භූදලයක් ලෙස නොවන බවත් ලංකාවේ ඇති ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ එසේ ගොඩනගා නොමැති බවත් ඔහු පැවසීය.
ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කාලයක බණ්ඩාරනායක පවුලේ තවත් කාලයක රාජපක්ෂ පවුලේ භූදලයක් ලෙස වීම සහ එක්සත් ජාතික පක්ෂය ජයවර්ධන - වික්‍රමසිංහ පවුල් අතර තිබීමත් නිදර්ශන ලෙස දක්වමින්ය.
කෙසේ වුවත් ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයාගේ පුතා ඉදිරියේ දේශපාලනය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සමග සම්බන්ධ වෙනවා නම් තමන් එය අගයන බවත් එසේම දේශපාලනය ගැන උනන්දුවක් දක්වන සියලු දෙනා පක්ෂයට පැමිණීමේ දී එහි ඇති සංවිධාන ආකෘතිය අනුව පැමිණීම අවශ්‍ය බවද ලාල් කාන්ත මහතා අවධාරණය කර සිටියේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
