එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් බවට ප්‍රකාශ කරන යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට සූදානම්වීමත් සමග ජනාධිපති සිරිසේන සහ එජාපෙ ආණ්ඩුව අතර පවතින විරසකය දේශපාලන අර්බුදයක් දක්වා වර්ධනයවීමේ අවධානමක් මතුව තිබෙන බව වාර්තා වෙයි.
දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට ජනාධිපති සිරිසේනගේ පාර්ශවය මේ වන විටත් එජාපෙ ආණ්ඩුවේ මෙම ක්‍රියාමාර්ගයට දැඩි විරෝධයක් දැක්වීමට තීන්දු කර ඇත.
සිරිසේන - රාජපක්ෂ පාර්ශවයට පාර්ලිමේන්තු බහුතරයක් නෑ !
එහෙත් සිරිසේන ජනාධිපතිගේ සහ රාජපක්ෂ පාර්ශවයට පාර්ලිමේන්තුව තුල බහුතරයක් නොමැත. ඒ හමුවේ ජාතික ආණ්ඩුවක් වෙනුවෙන් වන එජාපෙ ආණ්ඩුවේ යෝජනාව පරාජය කිරීමට නම් ද්‍රවිඩ ජාතික සන්ධානයේ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ ද සහය ගැනීමට සිරිසේන - රාජපක්ෂ පාර්ශවයට සිදුවේ. එහෙත් එයද දුෂ්කරවී ඇත්තේ මේ වන විටත් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ශ්‍රිලනිප මන්ත්‍රී කණ්ඩායමක් එජාපෙ ආණ්ඩුවට සහය දක්වමින් පාර්ලිමේන්තුව තුල සිටීමය.
ඒ අනුව එජාපෙ ආණ්ඩුවේ "ජාතික ආණ්ඩුවක් සදහා වන යෝජනාව පරාජය අවස්ථාවක් ඔවුන්ට නැත.
ජාතික ආණ්ඩුවට එරෙහිව සිරිසේන වැඩ !
ලැබී ඇති තොරතුරුවලට අනූව පාර්ලිමේන්තුව තුල කුමන යෝජනාවක් සම්මත කලත් ඒ පිළිනොගෙන කටයුතු කිරීමට ඇති හැකියාව ගැන මේ වන විටත් ජනාධිපති සිරිසේන නීති උපදෙස් ලබා ගනිමින් සිටියි.
එසේම එවැනි යෝජනාවක් සම්මත වුවත් අමාත්‍ය මණ්ඩලය වැඩි කිරීමට ඉඩනොදී සිටීමේ හැකියාව
එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව විසින් ජාතික ආණ්ඩුවක් ගොඩනැගීම සදහා පාර්ලිමේන්තුව වෙත ගෙනවිත් ඇති යෝජනාවට එරෙහිව කටයුතු කිරීමට ජනාධිපති සිරිසේන තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ගැනද ජනාධිපති සිරිසේන අවධානය යොමුකර ඇති බවත් වාර්තා වෙයි.
මේ සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය අවස්ථාවේ පාර්ලිමේන්තුව නොසන්සුන් කිරීමේ සූදානමක් ගැනද දැනගන්නට ඇත.
ජාතික ආණ්ඩුවකට එරෙහි සිරිසේනගේ මාධ්‍ය මෙහෙයුම සිරසට !
මේ අතර සිරිසේන ජනාධිපති විසින් ජාතික ආණ්ඩු විරෝධී ප්‍රචාරය සදහා සිරස මාධ්‍ය ජාලය ප්‍රබලව යොදා ගන්නා තීන්දුවක් ගෙන ඇති බවත් වාර්තා වෙයි.
ඒ අනුව ඉදිරි දින කිහිපය "ජාතික ආණ්ඩුව" දැඩිව විවේචනය කරන ආකාරයට ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීමට සිරස මාධ්‍ය ජාලය ද සූදානම්ව සිට්න බවද දැනගන්නට ඇත.
මේ සම්බන්ධව සිරස මාධ්‍ය ජාලය අද (02) සිට ජාතික ආණ්ඩු විරෝධී පුවත් සදහා වෙනම පුවත් විශේෂාංගය නිර්මාණය කර විකාශය කිරීමට සූදානම් බවද වාර්තා වෙයි.
සිරස බ්‍රේකිං නිව්ස්
පහත දැක්වෙන්නේ අද සිරස ගුවන් විදුලිය බ්‍රේකිං නිව්ස් ලෙස ජාතික ආණ්ඩුවක් වෙනුවෙන් වන උත්සාහය ජනතාව හමුවේ විරෝධයක් ඇතිවන ආකාරයට සිදුකළ විකාශනයයි.
ජාතික ආණ්ඩුව යන්න සම්බන්ධයෙන් ව්‍යවස්ථාවට ඇතුලත් කර තිබෙන්නේ පාර්ලිමේන්තුව සම්මත කල අර්ථ ගැන්වීම නොවන බව අනාවරණය වී තිබෙනවා.
News 1st වෙත ලද විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග සදහන් කරන්නේ මෙය සිතාමතා සිදුකර ඇති දැවැන්ත වංචාවක් බවයි"
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
