Image

ඩඩ්ලි ජනාධිපතිවරණයට එයි !

ඩඩ්ලි ජනාධිපතිවරණයට එයි !

ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමේ සූදානමක් ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

පොහොට්ටුව (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) සමඟ ශ්‍රී ල.නි.ප.ය සන්ධාන ගතවීමේදි සිරිසේන පවුලේ අයට සාධාරණය ඉටුවිය යුතු යයි සිය සමීපතම දේශපාලන උපදේශකයන් සමඟ ඔහු පවසා ඇතැයි වාර්තා වෙයි.

එසේ නොවන්නේ නම් තමුන්ද ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන බව හෙතෙම සිය දේශපාලන උපදේශකයන් සමඟ පවසා තිබේ.

එහෙත් මේ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඩඩ්ලි සිරිසේන මහතාට මෙතෙක් අනුමැතිය හිමි වී නැත.

කලකට පසු පසුගියදා දේශපාලන කරළියට පැමිණි ඩඩ්ලි සිරිසේන මහතා දූෂණ විරෝධී සංවිධානයක් ආරම්භ කළේය. එසේම මාධ්‍ය සාකච්ඡා තබමින් තමන්ගේ මතවාද රටට හෙළිදරව් කිරීමටද ඉදිරිපත් විය.

(දේශය)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න