ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ 2012 වසරේදී මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් යානා මුළුතැන්ගෙයක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කරමින් ඔහු විසින් තෝරාගත් සමාගමකට ලබාදීමට මැදිහත්වූ බව අනාවරණය වෙයි.
ඒ ඊයේ (01) ශ්‍රී ලන්කන් - මිහින් ලංකා ගුවන් සමාගම් පිළිබඳ ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීමේදීය.
එහිදී සාක්ෂි ලබාදුන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සමූහ අභ්‍යන්තර විගණක මහේෂ් නානායක්කාර සාක්ෂි ලබාදීමේදී මේ බව අනාවරණය විය.
එසේම මෙම මුළුතැන් ගෙය ඉදිකිරීම සඳහා වූ ටෙන්ඩරය ලබාදිය යුතු සමාගමක් ටෙන්ඩර් කැඳවීමෙන් පසුව තාක්ෂණ ඇගයීම් කමිටුව විසින් තෝරාගෙන තිබූ නමුත් හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මැදිහත්වී එය වෙනස් කළ බවත් එහිදී අනාවරණය විය.
එසේම මෙම තීරණය හිටපු සභාපති ගෙන ඇත්තේ තනි අභිමතයට බවත් හෙළිව තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
