Image

ශ්‍රී ලන්කන් ගුවන් සේවය : හිමිවන ඇමති කවුද?

ශ්‍රී ලන්කන් ගුවන් සේවය : හිමිවන ඇමති කවුද?

ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම සතියක් ඇතුළත අමාත්‍යවරයකු යටතට පත් කර එම ගුවන් සමාගම ප‍්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා ක‍්‍රියාත්මක කිරීමේ වගකීම පැවරීමට ජනාධිපති සිරිසේන තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව දැනට ජනාධිපතිවරයා යටතේ තිබෙන ශ‍්‍රීලංකන් ගුවන් සමාගම ඉදිරි සතිය ඇතුළත නව අමාත්‍යවරයකු යටතේ ගැසට් කිරීමට නියමිත බවත් වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම ප‍්‍රතිව්‍යුහගත කිරීම සඳහා පත් කළ ජනාධිපති කමිටුවේ වාර්තාව මගින් එම සමාගම ඈවර නොකිරීමටත්, එම ආයතනයේ ණය ප‍්‍රතිව්‍යුහගත කරමින් සහ ප‍්‍රාග්ධනය උත්පාදනය කරමින් එම සමාගම තවදුරටත් පවත්වාගෙන යාමටත් තීරණය කර ඇත.

එය සිදු කිරීම සඳහා එම ජනාධිපති කමිටුව විසින් සිය වාර්තාව මගින් නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කර ඇති අතර ඒවා නව අමාත්‍යවරයාට නියමිතව ඇත්තේ එම නිර්දේශ නියම ලෙස ක්‍රියාත්මක කිරීමය.

ශ‍්‍රීලංකන් ගුවන් සමාගම ප‍්‍රතිව්‍යුහගත කිරීම සඳහා පත් කළ ජනාධිපති කමිටුවේ වාර්තාව ඉකුත් ජනවාරි 28 වැනිදා එම කමිටු සාමාජිකයන් විසින් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාට භාර දුන් අතර එම කමිටු වාර්තාව සලකා බැලීමෙන් පසුව ජනාධිපතිවරයා මේ තීරණය ගෙන තිබේ. මේ කමිටුවේ සභාපතිවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න කටයුතු කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න