අත නැතුවත් පොහොට්ටුව දිනනවා - බැසිල්

අත නැතුවත් පොහොට්ටුව දිනනවා - බැසිල්

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අතර එකඟතාවයක් ඇති වුවත් නැතත් ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් ජයගැනීමේ හැකියාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන නියෝජිතයින් සමග පක්ෂ කාර්යාලයේ පැවැති හමුවකදී ඔහු මේ බව සඳහන් කර තිබේ.

“මේ වෙද්දි නොයෙකුත් දේශපාලකයින් මැතිවරණ සම්බන්ධයෙන් විවිධ අදහස් දක්වමින් තිබෙනවා. සමහරෙක් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමග එක්නොවුණොත් මැතිවරණ ජය ගන්න නොහැකි බව සමාජගත කරන්න උත්සාහ කරමින් සිටින බව පේනවා.

මේ වැරදි මතය නිවැරදි විය යුතුයි. පොහොට්ටුව හා අත සලකුණු එකතු නොවුණත් අපිට මැතිවරණ ජය ගැනීමේ හැකියාව තියෙනවා. අපි ඒ බව ඔප්පු කරලා තිබෙනවා. හැබැයි මේ පක්ෂ දෙක එකතු වුණොත් එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයකට පත්කිරීමේ හැකියාව තිබෙනවා.”

දුමින්ද - බැසිල් සාකච්ඡාවට නෑ !

මේ අතර ශ්‍රිලනිප සහ පොහොට්ටු පක්ෂය අතර අලුතින් නිර්මාණය කරන්න යන සන්ධානය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ පවත්වා ඇති බවද වාර්තා වෙයි.

එහෙත් එම සාකච්ඡාව සදහා බැසිල් රාජපක්ෂ හෝ දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා සහභාගීව නොමැති බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න