සිරිසේනගෙන් සාගලට ටොක්කක් !

සිරිසේනගෙන් සාගලට ටොක්කක් !

මාකදුරේ මධුෂ් ඩුබායිහීදී අත්අඩංගුවට ගැනීම ගැන දැන් අයිතිවාසිකම් කීමට බොහෝ දෙනෙකු ඉදිරිපත් වී සිටින බව ජනාධිපති සිරිසේන පවසයි.

ජනාධිපති සිරිසේන මෙම අදහස් පල කලේ පොළොන්නරුවේ උත්සවයක් අමතමිනි.

මේ වන විට ආණ්ඩුවේ ඇතමුන් මධූෂ් අත්අඩංගුවට ගැනීම ගැන ලකුණු දාගැනීමේ චේතනාවෙන් කටයුතු කරන බවත්, එක් අමාත්‍යවරයකු මෙම වැටලීම දීර්ඝ කාලයක් තිස්සේ සැළසුම් කළ බවත්, STF එක පවා එජාපයේ නිර්මාණයක් බව කියමින් පත්තරයකට පවසා තිබෙනවා තමන් දුටු බවද සිරිසේන ජනාධිපති එහිදී පවසා ඇත.

තිබූ අගහිඟකම් හේතුවෙන් මගුල් ඇදුම පවා හිතවතෙකුගෙන් ඉල්ලාගෙන ඇදපු තමන් අදටත් ඒ බව කියන බවත් අනුන්ගේ වැඩවලින් ලකුණු දමා ගැනීම තමන් කිසිදාක නොකරන බවද ජනාධිපති සිරිසේන පවසා තිබේ.

සාගලට ටොක්කක් !

කෙසේ වුවත් දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ ජනාධිපති සිරිසේන මෙසේ විවේචනය කලේ සාගල රත්නායක අමාත්‍යවරයාව බවය.

ඒ මධූෂ් අත්අඩංගුවට පත්වීමත් සමග අදාල මෙහෙයුම සම්බන්ධ තම කාලයේ සිදුකළ ක්‍රියාමාර්ග ගැන සදහන් කරමින් අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වා තිබීම නිසා බවද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න