එජාප නව සන්ධානය : මැයි 01 වනදා කරළියට !

එජාප නව සන්ධානය : මැයි 01 වනදා කරළියට !

එක්සත් ජාතික පක්ෂය මූලිකව ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන නිර්මාණය කෙරෙන මෙරට පුළුල්තම දේශපාලන පෙරමුණ එලැඹෙන මැයි 01 වනදා එළිදැක්වීමට සූදානම් බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමින් ඒ නම්කර ඇති අතර මෙතෙක් ඊට යොදා ගන්නා සලකුණ කුමක්ද යන්න තීරණය කර නොමැති බවද එම ආරංචි මාර්ග පවසයි.

මේ වන විටත් නව පෙරමුණ ගොඩනැගීම වෙනුවෙන් පවත්වා ඇති සාකච්ඡා ඉතා සාර්ථක බවත් ඒ අනුව දේශපාලන පක්ෂ මෙන්ම සංවිධාන රැසක් ඊට ඇතුළත් වීමේ සූදානම්න් පසුවන බවත් වාර්තා වෙයි.

තවද ශ්‍රිලනිප මූලධර්ම රැකගෙන නව සන්ධානය සමග සම්බන්ධවීම සදහා ශ්‍රිලනිප ප්‍රබලයන් රැසක් වෙන වෙනම එක්සත් ජාතික පෙරමුණ නායකයන් සමග සාකච්ඡා කර ඇති බවත් ඉදිරි දේශපාලන කටයුතු වල තීරණාත්මක මොහොතක ඔවුන්ද නව සන්ධානයට එක්වීමේ සූදානම ස්ථිර බවද වැඩිදුරටත් දැනගන්නට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න