රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා : ඇමති රිෂාඩ්ගෙන් එන්තරවාසියක් !

රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා : ඇමති රිෂාඩ්ගෙන් එන්තරවාසියක් !

අභූත චෝදනාවක් කරමින් සිය කීර්තිනාමයට හානි කිරීම හේතුවෙන් තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ ලේකම් බව පවසන ලසන්ත වික්‍රමසිංහගෙන් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන්වූ පුද්ගලයින් නැවත පදිංචිකිරීම හා සමුපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් එන්තර වාසියක් යවා තිබේ.

නීතිඥ සංදීප ගමඇතිගේ හරහා යොමුකර ඇති මෙම එන්තරවාසියට හේතුවී ඇත්තේ වියට්නාමයෙන් ගම්මිරිස් ලංකාවට ආනයනය කර ඒවා ලංකාවේ නිෂ්පාදිත ඒවා බව පවසමින් බදු සහන ලබාගෙන ඉන්දියාව ඇතුලු රටවලට අපනයනය කිරීමේ ජාවාරමක රිෂාඩ් අමාත්‍යවරයා හා ඔහුගේ සොයුරා සම්බන්ධ බවට ලසන්ත වික්‍රමසිංහ මහතා මාධ්‍ය හමුවකදී කරන ලද ප්‍රකාශයකි.

පසුගිය දිනවල රේගු අධ්‍යක්ෂවරිය එම තනතුරින් ඉවත්කිරීමේ ක්‍රියාවලියට රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ සම්බන්ධයක් ඇතිබවත් එයට ආසන්නම හේතුව ලෙස මෙම ආනයනික ගම්මිරිස් තොගය හා සිදුවීමක් සම්බන්ධ බවටත් අමාත්‍යවරයාගේ සොහොයුරෙකු මෙම ව්‍යාපාරය පසුපස ඇතිබවත්, තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ ලේකම් බව පවසන පුද්ගලයා විසින් පසුගිය 06 වැනිදා වෘත්තිකයන්ගේ ජාතික පෙමුණ කොළඹදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී පවසා තිබිණි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.