උඩුගම විද්‍යානන්ද යට මනුෂගෙන් ක්‍රීඩා උපකරණ !

උඩුගම විද්‍යානන්ද යට මනුෂගෙන් ක්‍රීඩා උපකරණ !

අවම පහසුකම්වත් නොමැතිව ක්‍රීඩා කටයුතු සදහා සහභාගී වන උඩුගම විද්‍යානන්ද විද්‍යාලයේ ළමුන් පිරිසකගේ ඡායාරූප ෆේස් බුක් වෙබ් අඩවියේ පළවී තිබෙනු දුටු ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා එම පාසලේ ළමුන්ට ක්‍රීඩා උපකරණ කට්ටලයක් පරිත්‍යාග කර තිබේ.

මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා වෙනුවෙන් ඔහුගේ පුද්ගලික ලේකම් තිසර නානායක්කාර එම පාසලට ගොස් ක්‍රීඩා උපකරණ ලබාදුන් අතර ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මගින් ක්‍රීඩා පිටිය සංවර්ධනය කර පාසලට අවශ්‍ය සියලුම ක්‍රීඩා උපකරණ ලබාදෙනබවටද සහතිකයක් දුන්නේය.

මේ පිළිබද අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේය.

“ගිනිසීරියා ලීයක් යොදාගෙන හෙල්ල විසිකරන පාසල් ළමුන් පිරිසකගේ ඡායාරූප ෆේස් බුක් පිටුවේ පළවී තිබෙනු දුටුවා. මේ පාසල ගැන සොයා බැලීමේදී ගාල්ලේ උඩුගම විද්‍යානන්ද විද්‍යාලයේ සිසුන් පිරිසක් බව සොයා ගැනීමට හැකිවුනා. ඒ අනුව පැය විසි හතරක් ගතවීමට පෙර ක්‍රියාත්මක වෙලා මනුෂ නානායක්කාර පදනමෙන් පාසලට ක්‍රීඩා උපකරණ කට්ටලයක් ලබාදුන්නා. ඉදිරියේදී ක්‍රීඩා අමාත්‍යාංශයේ සහාය ඇතිව මෙම පාසලේ දරුවන්ගේ ක්‍රීඩා කුසලතාවය දියුණු කිරීම සදහා අවශ්‍ය පියවර ගන්නවා. ක්‍රීඩා පිටිය සකස් කිරීමත්, පාසලට අවශ්‍ය අංග සම්පූර්ණ ක්‍රීඩා උපකරණ ලබාදීමටත් අපි දැනටමත් පොරොන්දුවෙලා තිබෙන්නේ. මේ දරුවන් තමයි ලංකාවේ ක්‍රීඩාවේ අනාගතය. දේශපාලන පක්ෂ පාටවලට වඩා වටින්නේ මේ රටේ අනාගතය භාරගන්න ඉන්න මේ දරුවන්. ඒ නිසා කොන්දේසි විරහිතව මේ වගේ අඩුපාඩු නිවරදි කිරීමට අපි කරන්න පුලුවන් උපරිම මැදිහත්වීම කරනවා“

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න