Language Switcher

V2025

දිස්ත්‍රික්ක 12ක කාන්තා ක්ෂුද්‍ර මූල්‍ය ණය රුපියල් කෝටි 125ක් කපා හැරේ !

නියඟයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්ක 12ක කාන්තාවන් ලබාගෙන තිබූ ක්ෂුද්‍ර මූල්‍ය ණය රුපියල් කෝටි 125ක් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් කපා හැර ඇති බව වාර්තා වෙයි.

එම කාන්තාවන් ලබාගෙන තිබූ ණය රජය මගින් ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලට ගෙවා ඇති අතර එම ගෙවූ බවට සහතික පත්‍රයක් කාන්තාවන්ට ලබාදීමට පියවර ගෙන ඇත.

ඒ අනුව කිලිනොච්චිය හා යාපනය යන දිස්ත්‍රික්කවල කාන්තාවන් 300කට ණය නිදහස් කිරීමේ සහතික පත්‍ර ලබාදීම 14 වැනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීරගේ ප්‍රධානත්වයෙන් යාපනය වීරසිංහම් ශාලාවේදී පැවැත්වේ.

නියඟයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්කවල කාන්තාවන් පරිභෝජනය නොවන කටයුතු සඳහා ලබාගත් රුපියල් ලක්ෂයකට අඩු ණය මෙලෙස කපා හැර ඇත.