තිස්සගේ නඩුව ගොඩින් බේරගෙන !

තිස්සගේ නඩුව ගොඩින් බේරගෙන !

2015 ජනාධිපතිවරණයට අදාලව රහස් ගිවිසුමක් ඇති බවට කූඨ ලෙස සකස් කළ ලියවිල්ලක් මාධ්‍ය වෙත ඉදිරිපත් කළ බවට චෝදනා ලැබ සිටින එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායකට එරෙහි නඩුව සමථයකට පත්කරගැනීම පිළිබඳව සාකච්ඡා කර ලබන මාර්තු මස 25 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (12) දැනුම් දුන්නේය.

මෙම නඩුව සමථයකට පත්කර ගැනීම සඳහා දෙපාර්ශ්වය සාකච්ඡා කර ඇති බව කියමින් තිස්ස අත්තනායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්සද පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාද කළ දැනුම්දීම් සැලකිල්ලට ගනිමින් විනිසුරුවරයා එලෙස නියම කළේය.

මෙම නඩුවේ පැමිණිල්ලේ ප්‍රධාන සාක්කිකරුවන් වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සාක්ෂිදීම සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් පස්වැනි වතාවටත් සිතාසි නිකුත් කොට තිබුණත් ඔවුන් දෙදෙනා හයවැනි දිනයේද අධිකරණයට පැමිණ සිටියේ නැත.

2014 දෙසැම්බර් මස 31 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹදී රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන අතර ගිවිසුමක් ඇති බවට පසුගිය ජනාධිපතිවරණයට ආසන්න අවස්ථාවේ පවසමින් කූඨ ලෙස සකස් කළ ලියවිල්ලක් මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීමෙන් එවර ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයෙකු වු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රතිඵලයට බලපෑ හැකි ආකාරයට කටයුතු කළ බවද එමගින් දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කර ඇති බවද නීතීපතිවරයා විසින් විත්තිකාර තිස්ස අත්තනායකට එරෙහිව ඉදිරිපත් කොට ඇති නඩුවේ සඳහන් කොට තිබිණ.

විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කොට ඇති චෝදනා තුන දණ්ඩ නීතී සංග්‍රහය යටතේ සහ සිවිල් හා දේශපාලනඥයින් අතර ජාත්‍යන්තර සම්මුති පණත යටතේ දඬුවම් ලැබිය හැකි වැරදි සිදු කර ඇති බවද නඩු ගොනුවේ සඳහන් වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න