අවුරුදු 25කින් ඩඩ්ලිගේ මෝල දැක්කෙත් නෑ - සිරිසේන

අවුරුදු 25කින් ඩඩ්ලිගේ මෝල දැක්කෙත් නෑ - සිරිසේන

තමාගේ මුදල් තම සහෝදරයා වන ඩඩ්ලි සිරිසේන මහතා ළඟ ඇති බවට මතයක් ඇති බවත් තමන් මීට වසර 25කට පෙර තම සහෝදරයා මිලදී ගත් වී මෝල බැලීමට යෑමෙන් අනතුරුව මේ දක්වා එම ස්ථානයට ගොස් නොමැති බවත් ජනපති සිරිසේන පවසයි.

බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී කුඩා හා මධ්‍යපරිමාණ වී මෝල් හිමියන් හා පැවැති සාකච්ඡාවකදී ජනපතිවරයා මේ බව සඳහන්කර ඇත.

“සාමාන්‍යයෙන් සමහර අයගේ මතයක් තිබෙනවා මගේ සහෝදරයා මේ රටේ ලොකු ම වී මෝලක් තියෙන කෙනෙක් විදියට මං බලන්නේ එයා ගැන කියලා. මට මතකයි මගේ සහෝදරයාට ලොකු වී මෝලක් තියෙන තැන පොඩි මෝලක් තිබුණේ ගම්පහ ව්‍යාපාරික මහත්මයකුගේ.

එදැන් මම හිතන්නේ අවුරුදු 25ක ට එහා. ඒ මෝල මිලදී ගත්තා. ඒ වෙලාවේ මට කිව්වා අයියා ඇවිල්ලා බලන්න මම මෝලක් ගත්තා කියලා. මං අන්න එදා ගියා. හැබැයි ඊට පස්සේ අද වෙනකම් ඔය මෝල තියෙන තැන ගේට්ටුවෙන් ඇතුළට මම ගිහිල්ලා නැහැ.

රටේ දේශපාලන ප‍්‍රතිවාදීන්ගෙන් විශේෂයෙන්ම ඡන්ද කාලෙට යනවා මේ මෛත‍්‍රීපාල සිරිසේනගේ සල්ලි තමයි ඩඩ්ලි ගාව තියෙන්නේ කියලා. වී මෝල්, ෆයිව්ස්ටාර් හොටේල් නුවරඑළියේ තියෙන ඔක්කොම මේ එයාගේ සල්ලි තමයි මේ සහෝදරයා ගාව තියෙන්නේ කියල. ඉතින් ඒ නිසා සමහර වෙලාවට වීමෝල් හිමියන් විදියට තමුන්නාන්සේලාගේ යම් සැකයක් තියෙනවා මං ගැන.

මම තමුන්නාසේලාට උදව් කරන්නේ නැහැ කියලා. මම ඉන්නේ සහොද්රයගේ පැත්තේ කියලා. මේ කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ තිබෙන ගැටලූවලදි ගොවියා, වීමෝල් හිමියා, ව්‍යාපාරිකයා, ඒ ප‍්‍රශ්නවලදි මම පැහැදිලිවම ඉන්නේ ගොවියගේ පැත්තේ.

මේ රටේ මගේ සහෝදරයා ද ඇතුළු වී මෝල්, ගොවියාගෙන් වී ටික මිලට ගන්නකොටත්, ඊළගට සහල් ටික හදලා වෙළෙද පොළට දානකොටත් සාධාරණ ලාභයක් නොවෙයි ලබාගන්නේ කියලා මම දන්නවා. මම ඔය එක පැත්තකවත් එක්කෙනෙක් නොවෙයි.

මම මේ දේශපාලනේට ඇවිල්ලා ඔය කිසිදේකට සම්බන්ධ නැතිව මගේ දේශපාලන ජීවිතේ ගොඩනගපු නිසයි මම අද මෙතන ඉන්නේ. මේ රටේ මහජනයා මට ඡන්දේ දුන්නේ. ඉතින් ඒක නිසා මම හැමවෙලේම කිව්වේ කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ ප‍්‍රශ්නවලදි අංක එක ගොවියා. ඊළගට ව්‍යාපාර ක්ෂේත‍්‍රයෙදි ඒ ඕනැම එකකදි රාජ්‍ය ප‍්‍රතිපත්තිය තුළ යම්කිසි උදව්චක් උපකාරයක් කරන්න පුළුවන් නම් නැගිටලා ඉන්න මිනිස්සු නැගිට්ටවන එක නෙවෙයි අපේ ප‍්‍රතිපත්තිය, වැටිලා ඉන්න මිනිස්සු නැගිට්ටවන්නේ කොහොමද කියන තැනයි මම ඉන්නේ.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න