සිරිසේන යටතේ ඇති රාජ්‍ය මුද්‍රණයෙත් දූෂණ දෝරේ ගලයි !

සිරිසේන යටතේ ඇති රාජ්‍ය මුද්‍රණයෙත් දූෂණ දෝරේ ගලයි !

ජනාධිපති සිරිසේනගේ දූෂණ විරෝධය කටින් බතල කොළ හිටුවීමට සමාන හැගෙන ආකාරයේ පැමිණිල්ලක් ජනාධිපති වෙතම සිදුකිරීමට රජයේ මුද්‍රණ සේවක සංගමය කටයුතු කර ඇත.

ඒ ජනාධිපති සිරිසේන යටතේ පවතින රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ දූෂණ අක්‍රමිකතා ඉහළ යමින් ඇති නමුත් ඒ වැලැක්වීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පෙන්වා දෙමින්ය.

රජයේ මුද්‍රණ සේවක සංගමය වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් ලාල් සරත් පෙරේරා ලිපියක් යොමුකරමින් මේ බව ජනාධිපති සිරිසේනගේ අවධානයට යොමුකර ඇති අතර එම ලිපිය පහත දැක්වේ.

2019. 02. 12

ගරු මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.

ගරු ජනාධිපතිතුමනි,

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වංචා, දූෂණ හා නාස්තිය සම්බන්ධයෙනි
-----------------------------------
1. රජයේ මුද්‍රණ දෙපාර්තමේනතුවට අදාලව වංචා, දූෂණ හා නාස්තිය සම්බන්ධයෙන් නිතර නිතර පෙත්සම් හා ලිපි විශාල ප‍්‍රමාණයක් අප සංගමයට ලැබෙන අතර එ්වා පිළිබදව අවශ්‍ය පියටර ගැනීම සදහා දැනුම් දියහැකි හා ඇහුම්කන් දෙන කෙනෙක් නැති තත්වයක් උදා වී ඇත.

එම ලිපි වලින් පැහැදිලි වන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් හා අමාත්‍යාවරුන් කරන ලද වංචා දූෂණ හා නාස්ති ප‍්‍රමාණයට සමානව දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් හා අමාත්‍යාංශ ලේකම්වරුද සමබන්ධ වී සිටින බවයි. මොන තරම් විධිමත් නීති පද්ධතියක් තිබුනත් ඒවා කි‍්‍රයත්මක භාවයට පත්කිරීමට සිටින නිලධාරීන් බොහෝ දෙනෙක් එ්වාට සම්බන්ධ වීම නිසා දවසින් දවස වංචාව, දූෂණ හා නාස්තිය ඉහල යන තත්වයක් ඇත.

ඔබතුමාද මාධ්‍ය මගින් නිතර නිතර එවැනි වැරදි කරන අයට විධිමත් ආකාරයට දඩුවම් ලබා දෙන බව ප‍්‍රකාශ කළද එසේ සිදුවන බවක් පෙනෙන්නට නැති අතර ඒවා හුදු ප‍්‍රකාශ බවට පත්ව ඇත. ඔබතුමා යටතේ තිබෙන රජයේ මුද්‍රණ දෙපාර්තමෙන්තුවේ දවසින් දවස වංචා, දූෂණ හා නාස්තිය වැඩි වෙමින් ඇති අතර ඒ සම්බන්ධයෙන් කිසිදු කි‍්‍රයා මාර්ගයක් නොගැනීම හොදම උදාහරණයකි.

02. මීට පෙර රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව අමාත්‍යාංශයක් යටතේ පවතින විට වංචා, දූෂණ හා නාස්තිය පිලිබදව අඩුම වශයෙන් දැනුම් දීමට අවස්ථාවක් තිබුනත් මේ වන විට ඔබතුමා යටතේ පවතින බැවින් එයද අහිමි වී ඇත.

03. එම නිසා ඔබතුමා, අනෙක් අමාත්‍යාංශවලට ආදර්ශයක් වන පරිදි ඔබතුමා යටතේ පවතින රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සිදුවන වංචා, දූෂණ හා නාස්තිය සම්බන්ධයෙන් කඩනමින් ජනාධිපති කොමිෂමක් පත්කර අවශ්‍ය නීතිමය පියවර ගනු ඇතැයි විශ්වාස කරන අතර මේ සම්බන්ධයෙන් විස්තරාත්මකව කරුණු ඉදිරිපත් කිරීම සඳහා සාකච්ඡාවක් ලබාදෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

ස්තුතියි.

මෙයට,
විශ්වාසී,

කේ. සරත් ලාල් පෙරේරා
ප‍්‍රධාන ලේකම් - රජයේ මුද්‍රණ සේවකයන්ගේ සංගමය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න