ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ යෝජනාව යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව කැබිනට් ඇමතිවරුන් සංඛ්‍යාව 48ක් සහ කැබිනට් නොවන හා නියෝජ්‍ය ඇමතිවරුන් ගණන 45ක් දක්වා වැඩිකර ගැනීමේයෝජනාව මෙම 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
එහිදී පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ඇති පක්‍ෂය වශයෙන් එක්සත් ජාතික පක්‍ෂය විසින් ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇති බව පවසමින් සභානායක ලක්‍ෂමන් කිරිඇල්ල විසින් කැබිනට් ඇමතිවරුන් සහ කැබිනට් නොවන හා නියෝජ්‍ය ඇමතිවරුන් සංඛ්‍යාව වැඩි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂිතය.
අදාළ යෝජනාව මේ වන විට පාර්ලිමේන්තු න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයට ඇතුළත් කර ඇති අතර, 20 වැනිදා ඉදිරිපත් කරනු ලබන යෝජනා සහ දිනට නියමිත කටයුතු යටතේ පෙළ ගස්වා ඇති බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.
දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව තනිපක්ෂයක ආණ්ඩුවක ඇමති මණ්ඩලයේ මුළු ඇමතිවරුන් සංඛ්‍යාව තිහ නොඉක්මවිය යුතු අතර, කැබිනට් නොවන සහ නියෝජ්‍ය ඇමතිවරුන්ගේ සංඛ්‍යාවේ එකතුව හතළිහ නොඉක්මවිය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වේ.
එහෙත් පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ගන්නා පිළිගත් දේශපාලන පක්‍ෂය හෝ ස්වාධීන කණ්ඩායම විසින් ජාතික ආණ්ඩුවක් පිහිටුවන අවස්ථාවේදී ඇමති මණ්ඩලයේ සාමාජිකයන් සංඛ්‍යාව 48 නොඉක්මවිය යුතු බවද එහි සඳහන් වේ.

